Thursday, 20 February 2025

See You Again

හැම හමුවීමක්ම අවසාන හමුවීමක් වෙන්න පුලුවන්.ඒ හමුවීම් අපිටත් නොදැනීම අවසාන හමුවීමක් වෙන එක ටිකක් දරාගන්න අමාරු මොහොතක්.

මට රස්සාව ඇතුලේ වෙනස්ම යාලුවෝ ආශ්‍රය කරන්න හම්බුනා.ඒ යාලුවෝ අතරින් දෙන්නෙක් අද සමුගත්තා.

'අපි ආයේ සෙට් වෙමු බන්'

උබලා දෙන්නා එහෙම යන්න කලින් එහෙම කිව්වා. අනිවාරෙන් අපි සෙට් වෙන්න ඕනි බන්.වෙනදට මෙහෙම කිව්වහම වැඩිය දුකක් නෑ.අපි ආයෙම පස්සෙ දවසා හම්බවෙනවා.ඒත් උබලා දෙන්නා 'ඉසුරු අයියා,චේමිය' අද උබලා දෙන්නා ගියේ කොළඹින්. ඒක වෙනම විදියට හිතට දැනුනා බන්. බෑග් උස්සගෙන උබ කොළබට ආපු විදිය මට මතකයි.හෙනම කට්ටක් කාලා ඉන්න තැනක් හොයාගෙන, අපේ අනිත් සෙට් එකත් එක්ක බොඩිමේ ආතල් එකේ හිටපු දවස්, ඒවා අදින් ඉවරයි.උබලව අන්තිමට බස් එකට නග්ගලා බස් එක යද්දී දැනුනේ 'See You Again' සින්දුව බන්. කොල්ලොන්ට ටික කාලෙකට හරි බොක්කෙන්ම හිටපු උන් ඈත් වෙන එක හිතට ලොකු දුකක් බන්. එකට කාලා බීලා,ආතල් දාලා, එකටම අපේ ප්‍රශ්න කතා කරලා, එකට හිටපු උබලා කොළඹින්ම යනකොට පට්ටම දුකයි බන්. උබලගේ පාත් එක පැහැදිලි, උබලා යන්නේ ගේමක් ගහන්න මග හදාගෙන.ඉතින් මචන්ලා අපි ලගදිම සෙට් වෙමු. උබලා යන තැනක උතුරන්න හරියන්න ඕනි.




Sunday, 16 February 2025

හැමදේම ටික කාලයයි.

ඇත්තටම ටික කාලෙකට විතරක් සීමා වෙන දේවල්වලට අපි ඇයි මේ තරම්ම ලෝභ. එහෙම තමයි මිත්‍රයා,අපිට වැඩියෙන්ම හිතට දැනෙන දේවල් වලදී, අපිට වැඩියෙන්ම හිතට දැනෙන දේවල්, ටික කාලයයි. දෙපාර්ශවයක් අතර වුනත් ඒකඒ විදිය තමයි. එක් කෙනෙකුට ටික කාලයයි.

මේ ටික කාලේ ඇතුලේ අපි හොයන,ලබාගන්න,අත්හැරෙන දේවල් නම් ටික කාලෙකින් අමතක කරන්න බෑ.මොකද ඒ හැමදේම නිසා.කාලය හරහා හැමදේටම යන්න දෙමු.හැමදේව සරලව හිතට ගන්න හදන්න එපා මිත්‍රයා, හැමදේම ගැන ගැඹුරු ස්වයං අධ්‍යනයකට යමු.






Friday, 14 February 2025

ෆැන්ටසිමය ලියමනක් / වියමනක්

 මචං, ආදරේ කියන්නේ කැපකිරීමටද?

මේ වචනේ හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි වචනයක්, 'කැපකිරීම' වචන වලට විතරක් සීමා වුන, හැගීම් කියලා ගොඩක් අය ඉහ මුදුනින් තියාගෙන ඉන්න හරි ලස්සන වචනයක්.ගොඩක් වෙලාවට මට හිතෙන මාතෘකා පස්සේ මම ඔහේ දුවනවා. ඒ මම කිසිම රාමුවකට කොටු නොවී නිදහස් විදියට මට හිතෙන දේවල් ගැටගහනවා.කියවූ පමණින්, සමාජ කියවීම්වලින් විවිධ හරයන් ඔස්සේ මේ කරුණු එක පෙලකට ගොඩ ගහගන්න මම පුරුදුවෙලා ඉන්නවා. මේ ගොඩගැහීම් අස්සේ හිතෙන එක දෙයක් තමයි එක් වයස් පරතරයක, සීමාවක ඉන්න පිරිසක්, එයාලගෙම ෆැන්ටසි ලෝකයක් ඇතුලේ එයාලගෙම රාමුවකට වචනයක් දා ගන්නවා. එයාලා ඒ වචනය හරි ලස්සනට වගා කරනවා. හැබැයි ලියමනින් සහ බෙදා ගැනීමෙන් පමණයි. ටිකක් කල්පනා කරමු. ලියමනකින් සහ බෙදා ගැනීමකින් වචනයක් විවරණය කරන්න පුලුවන්ද? මම හිතන විදියට කුමන හැගීමක වචනයක් වුනත් ක්‍රියාවෙන් සහ ආත්ම ස්පර්ශය තුලින් තාමා වෙතට ග්‍රහණය කර ගැනීමකින් තොරව ඒ වචනයට නිසි වටිනාමක් දෙන්නට හැකියාවක් නැහැ. මේ මගේ දෘෂ්ඨිකෝණයෙන්, රාමුවෙන් පිට මම විසින්ම ගලපා ගත් දෙයක්. මේ පිලිබදව නිදහස් අදහසකින් සිතීමට ඔබට පුලුවන්. ඒ වචනය තමයි 'ආදරය'

ඔබ මොකද හිතන්නේ මේ සම්භන්ධව. මා විසින් ගණනය කරන ලද තවත් කරුණක් කියන්නම්.'ආදරය' ඔබට හිතෙන හැටියට වර්තමානයේ භාවිතා කරන්නේ කුමන සමාජ පරිශීලකයින් පිරිසක්ද? මම තවත් කාරණාව පැහැදිලි කරන්නම්.අනූව අග භාගයේ සහ දෙදහා මුල භාගයේ සමාජ පෙරලියක් ඇති කල කාරණයක් විදියට මම් දකින්නේ නවකතා කලාව. ඒ කියවීම යන කරුණ තුල.නවකතාව ඒ යුගයේ විශාල තරුණ සහ තරුණියන් අතර විශාල ලෙස ජනප්‍රිය වීමට පටන් ගත්තා. මා අසා ඇති ආකාරයට නවකතාවක් සමහර අවස්ථාවල කොටස් කිහිපයට පල වුනා. ඒ යුගයේ නම් එය සුලබ සිදුවීමක්. මා අසා ඇති ආකාරයට සමහර නවකතා කොටස් දොලහක් පමණ නිකුත් වුනා. වර්තතමානය සේ නොව ඒ දිනවල පොත් සාප්පු අසල පෝලිමේ නවකතා පොත් හුවමාරු වුනා.පුස්තකාල තුල පොලීමේ සිටීමට පවා සිදු වුනා. අනූව අග භාගයේ සහ දෙදහා මුල භාගයේ මා සිතන ආකාරයට ආදරය ගැන කියවීම වෙනස්ම මට්ටමක තිබෙන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මේ ගනනය කිරීම පොදු ජන සමාජය තුලින් බිහි වූවක් ලෙසද මා සිතනවා. බොහෝ දෙනා මේ පිලිබදව මෙකල දැක්වූයේ නවකතා ආදරය බොළද ආදරයක් ලෙසයි. එහෙත් ආදරය යනු ආදරයයි. එය බෙදා වෙන් කල නොහැකි හැගීම් සමුදායක් ලෙස මා වර්තමානය තුලත් අතීතය තුළත් දකින්නට කැමැත්තක් දක්වන රචකයෙකි.

පසු ගිය වසර කිහිපයම මා ගතකල වර්තමාන සමාජ පන්ති හා මේ වචනය ගැලපීමට මම අදහස් කරනවා.මේ සම්භන්දව දිගින් දිගටම ගනනය කිරීම්වලට යනවිට වර්තමාන සමාජය පිලිබදව යම් අවබෝධයක් ලබා ගත හැකියි.මේ අවස්ථාවේ පවතින සමාජ මැනීම් ඇතුලත තරුණ ප්‍රජාව මේ පිලිබදව දක්වන්නේ වෙනස්ම අදහසක්. ඔවුනගේ කියවීමට අනුව ආදරය කියන වචනය ඔවුන් එකහෙලාම එක් රාමුවක් ඇතුළට රැගෙන එන්නේ දෙවරක් නොසිතාය. මා සිතන ආකාරයට ඔවුනගේ කියවීම වැරදි ‍යැයි කීමට තරම් කරුණක් පෙනෙන්න්ට නැත. කුමක් හෝ මාතාවක් ඉදිරිපිට ෆැන්ටසිමය ස්වරූපයක් මැවූ විට එය ෆැන්ටසියෙන්ම වැසී යන්නේය. මේ සදහා පදනම වනුයේ උගත් පොත් කියවන කුලකයයි. එකහෙලා මෙය දුටුවිට පන්ති බෙදීමක් වැනි කාර්‍යක් ලෙස පෙනෙන්න්ට පුලුවන්. එහෙත් මෙය යම්තාක් දුරට විවරණය කල පසු එය තේරුම් ගැනීමට තරම් පහසු වන කරුණකි. මේ සදහා පෙන්විය හැකි ප්‍රධානම කරුණ නම් ලිවීම යැයි මා පෙන්වා දෙනවා. ලියමනකින් සහ බෙදා ගැනීමකින් වචනයක් විවරණය කරන්න පුලුවන්ද? මම හිතන විදියට කුමන හැගීමක වචනයක් වුනත් ක්‍රියාවෙන් සහ ආත්ම ස්පර්ශය තුලින් තාමා වෙතට ග්‍රහණය කර ගැනීමකින් තොරව ඒ වචනයට නිසි වටිනාමක් දෙන්නට හැකියාවක් නැහැ. මේ මගේ දෘෂ්ඨිකෝණයෙන්, රාමුවෙන් පිට මම විසින්ම ගලපා ගත් දෙයක්. මේ පිලිබදව නිදහස් අදහසකින් සිතීමට ඔබට පුලුවන්. ඒ වචනය තමයි 'ආදරය'

පසුව ලියමි.....




Wednesday, 12 February 2025

කලබල හවස්

 

හවස්වරු කියන්නෙ දවස ඇතුලෙ අමතක කරන්න බැරි වෙලාවක්. ඒ හවස්වරුවල වටිනාකම් වැඩි වෙන්නේ අපි ඒ මොහොත ගෙවන විදිය අනුව.සාමාන්‍ය දවස්වලට නම් ඒ සාමාන්‍ය හවස්වරු. දවස හෙම්බත් වෙලා නන්නත්තාර වෙලා කෙලවෙලා ඉන්න වෙලාවට නම්, හවස්වරුවක අගය මේකයි කියලා , නිම කරන්න බෑ.

මම මේ කියන්න හදන්නේ සාමාන්‍ය සතියේ දවසක හවසක් ගැන. දවසේ පාරට බහින්න එපාම කරපු වෙලාව තමයි මේ සතියේ දවසක හවස්වරුවක් කියන්නේ. එහෙම කියන්නේ පාරේ ට්‍රැෆික් එක නිසා. ඒ ගැන වැඩි විස්තර ඕනි නෑ. මේ හවස්වරුව නවම් පෝයට කලින් දවසේ හවස. අහස යන්තමින් කලු ගැහිලා එනවත් එක්කම පෝය හද වෙනදට වඩා ලස්සනට පේන්න ගත්තා. ඒ වලාකුලු මැදින් අමුතු පෙනුමක් එක්ක. ඒක නිකන් ලස්සනක් එක්ක මහ අදුරු පාටක් පෙනුනා. වෙනදට අපි මහ පාන්දර බොන කාඩමන් ටී එක, අද කලබල වැඩි හවසක තකහනියෙම බොන්න ගියා. වෙනදා තරම් ආතල් එකක් නොතිබුනාට හදිස්සියට දුම දාන ගමන් බොන්න මිතුරන් දෙන්නා ලෑස්ති වුනා. ලොකු කතාබහකට නොගියත්, පොඩි ඕපයක් දාගෙන හනි හනිකට ආපූ වැඩේ කරගෙන චුත වුනා. හෙටවත් මහ රෑ කාඩමන් ටී එකේ ආතල් එක හරිහැටි ගන්න ඕනි.

(අපි මේ ඇඩික්ට් වුන කාඩමන් ටී සන්නිය අපිට තව කොච්චර කල් කරන්න පුලුවන් වෙයිද දන් නෑ, එතකන් මේ විදියට යනවා)




ප්‍රේමණීය පළදනා

එක්තරා පේමණීය කාර්තුවක සැන්දෑ යාමයක ඈ මට නිසසලව හමු වුනි. අදුරට බර කහ ගැහුන අහසත්, ගහකොළත් ප්‍රේමාන්විතව තිබුනි.ජීවිතය යනු හිස්කොල සහිත පොතෙහි ප්‍රේමය යන පරිජ්චේදය එකම එක දිනකින් පිරී යාමට තරම් එදින සුන්දර මොහොතකි.ඈ මවා දුන් සිහින තාමත් එසේමය. මගේ ප්‍රේමණීය ආදරය පළදනාවක තබා ඈ අතෙහි පළදවා අවසන්ය. ඈ ප්‍රේමය යන්නෙහි ගැඹුරු අදහස කෙසේ වටහා ගත්තාදැයි මා අදටත් නොදනිමි. නමුදු මා ප්‍රේමය අහසටත් උඩින් ඈ වෙත පිලිගන්නවා හමාරය. ඉතින් එදිනෙන් ඇරඹුණු හැගීම් සමුදාය ප්‍රේම පරිච්ඡේදය ලියවීම ආරම්භ කරමින්, මගේ කලාගාරය තුළ යලිදු නොමියෙන නිර්මාණයක් ලෙස නුඹව ප්‍රතිනිර්මාණය කල හමාරය. 

මෙතැන් සිට මගේ කලාගාරය මිය යන තුරුම නුඹ අමරණීය නිර්මාණයක් වී හමාරය.




Tuesday, 11 February 2025

කලින් දවසක්

භාගෙකට වැඩියෙනුත් තිබුනා
ඊට පොඩ්ඩක් අඩුද මන්දා
අයිනකට වී ටිකක් හිතුවා
ඕන මගුලක් හලා ගත්තා

බඩ පපුව පිච්චුනා
අමුවටම මම ගහපු හින්දා
ඊයේ හවසත්  මුන ගැහුනා
අන්තිමට කියු වචන හින්දා

පැත්තකට වී බලා හිටියා
ඕන මගුලක් වෙයි කියා




Monday, 10 February 2025

ආර්ට් පෙම

ආර්ට් කරන උං එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න හරිම අමාරුයි, මොකද උගේ ජීවිතේ 80%ක්ම වෙන්නෙ ආර්ට් දේවල් නිසා. ඉතුරු 20% අර ආර්ට් කරපුවගේ රහතැන් එක්කයි ගෙවෙන්නෙ. 

ඕක ගොඩක් උන්ට තේරුම් ගන්න අමාරු තැනක්. මොකද උන් දෙන්නා කොහෙ හරි තැනක හම්බ වෙන්න ගියත් " ඒ කැමරාව මෙහෙමයි, ඒ ෆිල්ම් එක බබා පට්ට, ඔයා දන්නෙ නෑනේ අර ක්ලයන් මෙහෙම එකක් කිව්වනේ" ඔය කතා ටික තමා වෙන්නෙ.හැබැයි ඒ කෙල්ලට හරි කොල්ලට හරි ඒ ආර්ට් එක ඇතුලේ ආර්ට් එකක් උනානම් පවුල් ජීවිතේ විදිහට ගෙවන අර 20% මාර ආතල් එකේ ගෙවන්න පුළුවන්. එදාට ඒ ඩයලොග් , "බබා ඔයාට ආසාවක් නැද්ද අර කැමරාව ගන්න, ඔයා බැලුවෙ නැත්තෙ ඇයි අර ෆිල්ම් එක, මගේ යකා අවුස්සගන්නඑපා ඒ ක්ලයන්ව හම්බ නොවුනොත්, මහන්සිද ඔලුව ටිකක් අතගාන්නද, වගේ විදිහට.

කෙල්ලගේ හීන කොල්ලගේ බලාපොරොත්තු වෙනවා වගේම කොල්ලගේ හීනත් කෙල්ලගේ බලාපොරොත්තු වෙන්නයි ඕන. අද කාලේ රැල්ලක් විදිහට ආර්ට් කරන උං පවුල් අලකරගන්නෙත් ලව් ඉලව් කරගන්නෙත් ඔය පොයින්ට් එක තේරුම් නොගන්න නිසා.




Sunday, 2 February 2025

කාඩමන් ටී එක්ක දුමක්

 මන් හිතන විදියට මිනිස්සුන්ගේ ජීවිතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා.අන්න ඒ වෙනස්වීමට මගේ, මගේ වටේ ඉන්න යාලුවන්ගේ ජීවිත වෙනස් වුනා.අපි සෙට් එක දැන් ඉස්සර ගෙවපු ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවකට හුරුවෙලා.

සමහර දවස් තියනවා අනිත් මිනිස්සු උදේ ඇහෙරෙනකොට, උදේට රස්සාවට යනකොට, අපි රැයවල් ගනන් ඇහැරිලා. අපේ උන් නම් කියන්නේ වවුල් ජීවිත කියලා.ඒක ඇත්තටම පිලිගන්න පුලුවන් කතාවක්.

මේ අලුත් විදියට අපි සෙට් එක දැන් පුරුදු වෙලා. මහ පාන්දර පාර අයිනේ නයිට් කඩේක වාඩි වෙලා කාඩමන් ටී එකක් බොන ගමන් ඒත් එක්කම දුම දානගමන්, හිතන්නෙවත් නැති ගැඹුරු කතාවලට අපිත් නොදැනිම ඇදිලා යනවා. මන් හිතනවා දැන් තමයි මම හොදම කට්ට කන්නේ කියලා, ඒත් අපි සෙට් එකටම දැන් හරි මහන්සී, ඒත් අපිට මගින් හැරෙන්න බෑ. මේ ගමන අපිට යන්නම වෙනවා.

මේ නිදි නැති රැයවල්, රස්තියාදු,වල බැහැපු දවස් 🍻

දුවිදු ඉදුසර 🖋️




අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව