මචං, ආදරේ කියන්නේ කැපකිරීමටද?
මේ වචනේ හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි වචනයක්, 'කැපකිරීම' වචන වලට විතරක් සීමා වුන, හැගීම් කියලා ගොඩක් අය ඉහ මුදුනින් තියාගෙන ඉන්න හරි ලස්සන වචනයක්.ගොඩක් වෙලාවට මට හිතෙන මාතෘකා පස්සේ මම ඔහේ දුවනවා. ඒ මම කිසිම රාමුවකට කොටු නොවී නිදහස් විදියට මට හිතෙන දේවල් ගැටගහනවා.කියවූ පමණින්, සමාජ කියවීම්වලින් විවිධ හරයන් ඔස්සේ මේ කරුණු එක පෙලකට ගොඩ ගහගන්න මම පුරුදුවෙලා ඉන්නවා. මේ ගොඩගැහීම් අස්සේ හිතෙන එක දෙයක් තමයි එක් වයස් පරතරයක, සීමාවක ඉන්න පිරිසක්, එයාලගෙම ෆැන්ටසි ලෝකයක් ඇතුලේ එයාලගෙම රාමුවකට වචනයක් දා ගන්නවා. එයාලා ඒ වචනය හරි ලස්සනට වගා කරනවා. හැබැයි ලියමනින් සහ බෙදා ගැනීමෙන් පමණයි. ටිකක් කල්පනා කරමු. ලියමනකින් සහ බෙදා ගැනීමකින් වචනයක් විවරණය කරන්න පුලුවන්ද? මම හිතන විදියට කුමන හැගීමක වචනයක් වුනත් ක්‍රියාවෙන් සහ ආත්ම ස්පර්ශය තුලින් තාමා වෙතට ග්‍රහණය කර ගැනීමකින් තොරව ඒ වචනයට නිසි වටිනාමක් දෙන්නට හැකියාවක් නැහැ. මේ මගේ දෘෂ්ඨිකෝණයෙන්, රාමුවෙන් පිට මම විසින්ම ගලපා ගත් දෙයක්. මේ පිලිබදව නිදහස් අදහසකින් සිතීමට ඔබට පුලුවන්. ඒ වචනය තමයි 'ආදරය'
ඔබ මොකද හිතන්නේ මේ සම්භන්ධව. මා විසින් ගණනය කරන ලද තවත් කරුණක් කියන්නම්.'ආදරය' ඔබට හිතෙන හැටියට වර්තමානයේ භාවිතා කරන්නේ කුමන සමාජ පරිශීලකයින් පිරිසක්ද? මම තවත් කාරණාව පැහැදිලි කරන්නම්.අනූව අග භාගයේ සහ දෙදහා මුල භාගයේ සමාජ පෙරලියක් ඇති කල කාරණයක් විදියට මම් දකින්නේ නවකතා කලාව. ඒ කියවීම යන කරුණ තුල.නවකතාව ඒ යුගයේ විශාල තරුණ සහ තරුණියන් අතර විශාල ලෙස ජනප්‍රිය වීමට පටන් ගත්තා. මා අසා ඇති ආකාරයට නවකතාවක් සමහර අවස්ථාවල කොටස් කිහිපයට පල වුනා. ඒ යුගයේ නම් එය සුලබ සිදුවීමක්. මා අසා ඇති ආකාරයට සමහර නවකතා කොටස් දොලහක් පමණ නිකුත් වුනා. වර්තතමානය සේ නොව ඒ දිනවල පොත් සාප්පු අසල පෝලිමේ නවකතා පොත් හුවමාරු වුනා.පුස්තකාල තුල පොලීමේ සිටීමට පවා සිදු වුනා. අනූව අග භාගයේ සහ දෙදහා මුල භාගයේ මා සිතන ආකාරයට ආදරය ගැන කියවීම වෙනස්ම මට්ටමක තිබෙන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මේ ගනනය කිරීම පොදු ජන සමාජය තුලින් බිහි වූවක් ලෙසද මා සිතනවා. බොහෝ දෙනා මේ පිලිබදව මෙකල දැක්වූයේ නවකතා ආදරය බොළද ආදරයක් ලෙසයි. එහෙත් ආදරය යනු ආදරයයි. එය බෙදා වෙන් කල නොහැකි හැගීම් සමුදායක් ලෙස මා වර්තමානය තුලත් අතීතය තුළත් දකින්නට කැමැත්තක් දක්වන රචකයෙකි.
පසු ගිය වසර කිහිපයම මා ගතකල වර්තමාන සමාජ පන්ති හා මේ වචනය ගැලපීමට මම අදහස් කරනවා.මේ සම්භන්දව දිගින් දිගටම ගනනය කිරීම්වලට යනවිට වර්තමාන සමාජය පිලිබදව යම් අවබෝධයක් ලබා ගත හැකියි.මේ අවස්ථාවේ පවතින සමාජ මැනීම් ඇතුලත තරුණ ප්‍රජාව මේ පිලිබදව දක්වන්නේ වෙනස්ම අදහසක්. ඔවුනගේ කියවීමට අනුව ආදරය කියන වචනය ඔවුන් එකහෙලාම එක් රාමුවක් ඇතුළට රැගෙන එන්නේ දෙවරක් නොසිතාය. මා සිතන ආකාරයට ඔවුනගේ කියවීම වැරදි යැයි කීමට තරම් කරුණක් පෙනෙන්න්ට නැත. කුමක් හෝ මාතාවක් ඉදිරිපිට ෆැන්ටසිමය ස්වරූපයක් මැවූ විට එය ෆැන්ටසියෙන්ම වැසී යන්නේය. මේ සදහා පදනම වනුයේ උගත් පොත් කියවන කුලකයයි. එකහෙලා මෙය දුටුවිට පන්ති බෙදීමක් වැනි කාර්‍යක් ලෙස පෙනෙන්න්ට පුලුවන්. එහෙත් මෙය යම්තාක් දුරට විවරණය කල පසු එය තේරුම් ගැනීමට තරම් පහසු වන කරුණකි. මේ සදහා පෙන්විය හැකි ප්‍රධානම කරුණ නම් ලිවීම යැයි මා පෙන්වා දෙනවා. ලියමනකින් සහ බෙදා ගැනීමකින් වචනයක් විවරණය කරන්න පුලුවන්ද? මම හිතන විදියට කුමන හැගීමක වචනයක් වුනත් ක්‍රියාවෙන් සහ ආත්ම ස්පර්ශය තුලින් තාමා වෙතට ග්‍රහණය කර ගැනීමකින් තොරව ඒ වචනයට නිසි වටිනාමක් දෙන්නට හැකියාවක් නැහැ. මේ මගේ දෘෂ්ඨිකෝණයෙන්, රාමුවෙන් පිට මම විසින්ම ගලපා ගත් දෙයක්. මේ පිලිබදව නිදහස් අදහසකින් සිතීමට ඔබට පුලුවන්. ඒ වචනය තමයි 'ආදරය'
පසුව ලියමි.....
No comments:
Post a Comment