Monday, 25 August 2025

අහම්බයකි එය / එයා

ඔලුව තියාගෙන ජනේලයකට
දුකත් හිතුනා හිටිපු විදියට
ඇස්වලට හෙමිහින් වැටෙන
කෙහෙරැල්ලටයි නුඹ ලස්සනම 



Monday, 11 August 2025

පණ නැති හදවත්

ඇත්තටම මම ලියන එක නැවැත්තුවද? 

මම

ලියන එක නැවතුනාද ? එහෙමත් නැත්නම් නැවැත්තුවද ? 

උත්තර හොයලවත් වැඩක් නැති ප්‍රශ්න මෙව්වා... 

මං හිතන්නෙ , 

ඉස්සර 

දරාගන්න බැරිම දේවල්වලට දුක හිතුනම 

ඉබේ ලියවුනා...

හැබැයි දැන්, 

දරාගන්න ඕනෙ දේවල් දරාගන්නම වෙන නිසා

ලියවෙන කාලෙට වඩා 

තනියම කල්පනා කරන කාලෙ වැඩි ඇති.... 

දැන් ලියවෙන් නෑ....  




භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...