Tuesday, 11 January 2022

ළමයෙක්‍ට ඉස්කෝලයක් ඇතුලේ කලාව සාහිත්‍ය රසවිදින්න පුලුවන් වෙන දවසක් එන්නෙ කවදද?

 උබලට මතකද ඉස්කෝලේ O/L කරන කාලේ ටීචර්ලා කියපු වචනයක් ' මේ ටික කාලේ මහන්සි වුනොත් ඉතුරු ජීවිතකාලේ සැපේ ඉන්න පුලුවන් ' මේ වගේ වචන කිහිපයක්, උබලට මතකද මේ වචනම A/L වලත් ඇහුනා. උබලා අපි දැන් සැපේ ඉන්නවද? ඉගෙනගෙන ඉවරද? නිදහස් අධ්‍යාපනයට පින් සිද්දවෙන්න, 

ආ.. තව නියම වචනයක් තියනවා, මතකද? ඒ වචනෙනම් කිව්වේ ඉස්කෝලේ 8,9 පංතිවලදී,  

' උබලා ඉගෙන ගත්තේ නැත්නම් උබලට වෙන්නේ කුඹුරු කොටන්න'  දැන් හොදයි නේ...


තව මතකද ඉස්කෝලේ විනය කමිටුවෙන් උදේ ගේට්ටුව ලග ඉදලා කොල්ලන්ගේ කෙල්ලන්ගේ විනය  බැලුවා, කොහොමද? කොණ්ඩෙන්, රැවුලෙන්, කලිසමෙන්, ගවුමෙන් . මෙතන අවුල තේරෙනවද. අපේ විනය බලලා තියෙන්නේ පොඩි කාලේ ඉදන පිටතින්. අපේ ඇතුලත විනය හදන්න කාටවත් ඕනි වෙලා නැද්ද කොහෙද? මේ ක්‍රමය මම මේක ටයිප් කරන, උබලා මේක කියවන මේ වෙලාව වෙනකොටත් මෙහෙමමයි. 


මේ දේවල් වෙනස් වෙන්නේ කවදද? ළමයෙක් කැමති විෂයක් ඉගෙන ගන්න පුලුවන් වෙන දවසක් එන්නේ කවදද? 

ළමයෙක්‍ට ඉස්කෝලයක් ඇතුලේ කලාව සාහිත්‍ය රසවිදින්න පුලුවන් වෙන දවසක් එන්නෙ කවදද? 

මගේ පෞද්ගලික මතය හරිද වැරදිද දන් නෑ, අවුරුදු 21ක මට මගේ අත්දැකීම්වලින් මම තේරුම් ගත්ත දෙයක්, කලාව සාහිත්‍ය නැති තැනක රසවින්දනයක් විනයක් ඇති මනුස්සයෙක් බිහි වෙන්නෙ නෑ..



No comments:

Post a Comment

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව