හවස්වරු කියන්නෙ දවස ඇතුලෙ අමතක කරන්න බැරි වෙලාවක්. ඒ හවස්වරුවල වටිනාකම් වැඩි වෙන්නේ අපි ඒ මොහොත ගෙවන විදිය අනුව.සාමාන්‍ය දවස්වලට නම් ඒ සාමාන්‍ය හවස්වරු. දවස හෙම්බත් වෙලා නන්නත්තාර වෙලා කෙලවෙලා ඉන්න වෙලාවට නම්, හවස්වරුවක අගය මේකයි කියලා , නිම කරන්න බෑ.
මම මේ කියන්න හදන්නේ සාමාන්‍ය සතියේ දවසක හවසක් ගැන. දවසේ පාරට බහින්න එපාම කරපු වෙලාව තමයි මේ සතියේ දවසක හවස්වරුවක් කියන්නේ. එහෙම කියන්නේ පාරේ ට්‍රැෆික් එක නිසා. ඒ ගැන වැඩි විස්තර ඕනි නෑ. මේ හවස්වරුව නවම් පෝයට කලින් දවසේ හවස. අහස යන්තමින් කලු ගැහිලා එනවත් එක්කම පෝය හද වෙනදට වඩා ලස්සනට පේන්න ගත්තා. ඒ වලාකුලු මැදින් අමුතු පෙනුමක් එක්ක. ඒක නිකන් ලස්සනක් එක්ක මහ අදුරු පාටක් පෙනුනා. වෙනදට අපි මහ පාන්දර බොන කාඩමන් ටී එක, අද කලබල වැඩි හවසක තකහනියෙම බොන්න ගියා. වෙනදා තරම් ආතල් එකක් නොතිබුනාට හදිස්සියට දුම දාන ගමන් බොන්න මිතුරන් දෙන්නා ලෑස්ති වුනා. ලොකු කතාබහකට නොගියත්, පොඩි ඕපයක් දාගෙන හනි හනිකට ආපූ වැඩේ කරගෙන චුත වුනා. හෙටවත් මහ රෑ කාඩමන් ටී එකේ ආතල් එක හරිහැටි ගන්න ඕනි.
(අපි මේ ඇඩික්ට් වුන කාඩමන් ටී සන්නිය අපිට තව කොච්චර කල් කරන්න පුලුවන් වෙයිද දන් නෑ, එතකන් මේ විදියට යනවා)
No comments:
Post a Comment