Wednesday, 27 November 2024

වෙනසක්

 

වෙනස් වීම තිබිය යුතුමයි
ජීවිත කනපිට හැරවිය යුතු වෙනස්වීම්,
තිබිය යුතුමයි.

ජීවිතය ගලා යද්දී
වෙනස් වෙනවා,
විශාල වෙනස්කමකට පුලුවන්
අපිව වෙනස් කරන්න,
අපිගැන හිතන අය වෙනස් කරන්න
එයාලගෙ අදහස් වෙනස් කරන්න

වෙනසක් මත වෙනස් වීම් වෙනසයි...




Monday, 25 November 2024

වැහි අතර

කලුවින්ම අහස පිරුණාම
නුඹත් ඒ සමග වැසුනාම
කදුලකට නෙතු බරවීම
තෙමෙනවිට වැසි අතරේම

පිනි බිංදු එකිනෙකට එක්වීම
දිය පහරකට මුල් පිරීම
වැස්සක්ය නොනැවතීම
හදවතකි ටැග් ගැහෙන 




Tuesday, 19 November 2024

එක දවසක


වෙනදනම් කියවුනෙම හිස් වචන නිතරම
ලගකදී මට තේරුනා ඒ බව
වචන ඇත පිරෙන්නට අත ලග
එයින් වටිනාම භාගය හුගක් ඇත්තේ නුඹ ලග

පොද කැබලි විසි වුන ආදරය
දූහුවිලෙන් වැසී තිබුනාම
එකපෙලට සකසා ගත්තේම
දැනෙන්නට හැරුනේම
නුඹ නිසා වග

ඉතින් එක දවසක
මටත් නොදැනීම
නුඹේ පපුවම
රිදෙව්වා මම

මටත් නොදැනීම
මගේ පපුවම
හිරවුනා එක මොහොතක

නුඹ හෙලපු සුසුමක්
ඇසට ආ කදුලක්
මගේ එක වදනක්
තවම නැත නිමාවක්

රතට හැරී දෙනුවන
ඉකිබිදි සුසුම්වල
පමණටත් වැඩියෙන්
මදිය ඉල්ලුවට සමාව

මේ හැම දේටම පසුවත්
අවසන් වරට හෙලන සුසුමක්
ගනේම තවත්
ආදරෙයි මතුවටත්










Wednesday, 13 November 2024

සැන්ඩි කලාද

තැබෑරුම අසල මේසයක් 

මත් වූ යමෙක්, ගල් කාලක්

සැන්ඩි කලාද,

නෑ,

නීට්ම ගැහුවා

ඇයි, සැන්ඩි කලේ නැත්තෙ, අමාරුයිනෙ, පිච්චිලා යනවා,

මේ බඩ පපුවෙ මොනා පිච්චෙන්නද තව, පිච්චුන තරම් හොදටම  ඇති..

අතේ ඇති මුදුවක් හංගගෙන හිටියා.







Monday, 11 November 2024

අපි හැමෝටම මගහැරුනා මචං

මන් මගේ යාලුවට වෙලාවකට මෙහෙම කියනවා

මචං

ආදරේ හරි පුදුමයි,මට දැනෙන්නෙ ඒ විදියට,කාලකදි අපි ආදරෙන් හිටිය කෙනා තවත් කාලෙකදී අපිට ආගන්තුක කෙනෙක් වෙනවා, ඒක වෙන විදිය මට තාමත් හිතා ගන්න බෑ මචං...


සමහර ආදර කතා මග නැවතෙනවා, ඒත් එයාලවත් දන්නෙ නෑ ඒ ආදර කතාව නැවතෙන්න හේතූ, ඒ දෙන්නා මත දෙකක් දරන් ඈතකට වෙනවා, 

සරලයි..

මචං ආදරේදී හැමදාම එක් එකෙනෙක් දුක් වෙනවා, ඒක සදා කාලයටම වෙන්න පුළුවන්, නැත්නම් ටික කාලෙකට වෙන්නත් පුලුවන්, ඒත් මචං මේ ගොඩක් දෙනා සදාකාලිකවම තමන්ට දැනුන හරි ලස්සන තැනක නවතිනවා, ඒක වචනවලින් මෙහෙමයි කියලා කියන්න බෑ, එහෙම හරි ලස්සන ඒකපාර්ශවික ආදර කතා මම ඕනි තරම් දැකලා තියනවා, 


මචං, උබ දන්නවද, ආදරේදී ගැහැණු ලමයට පුලුවන් බන් දේවල් හරි ඉක්මනට අමතක කරන්න, ඒක පිරිමි ලමයට වඩා සාපේක්ශව ගැහැණු ලමයගෙ පැත්තෙන් බලද්දි වැඩී, එයාලා හරි ඉක්මනට වෙනත් මාර්ග හොයනවා, ඒත් මචං හිතට දැනුන ආදරේ ලග කොල්ලො, තාම ඉන්නවා, ඒක බන් මටත් මෙහෙමයි කියලා කියන්න බෑ, ආදරේ කියන්නෙ ආදරේටනෙ බන්, අපිට මගහැරෙන්න මගහැරෙන්නම ඕනි අය, එච්චරයි ..........




ART හවුස් පෙම

බිත්තිවල එල්ලූ
ඇණත් ගැස්සූ
රිදෙනකොට හිස් වූ
පැච් එකකි මත් වූ

කලුද සුදුද තෙත්වූ
ගැලරියක පිරවූ
ආර්ට් හවුස්
පෙමකි තනි වූ




Saturday, 9 November 2024

සියල්ලම වී හමාරය

යන්තමින් හිරු අවරට
සද ඒවීය පසුවට
එයට කලින්ම නුඹේ වත
සදක් වී මට හමාරය

දිලෙන නෙතු බලා
හිදිමි මම නිසසලව
ආදරේ යැයි ඔබට
පැවසූයේ පසුවය

හීන් කදුලැලි ගලා
නුඹේ නෙතු මන්තිය
ආදරේ යැයි ව
මට දැනී හමාරය

නුඹේ ඇස් මා දෙසම
මගේ ඇස් නුඹ දෙසම
ගේ මුලු ලෝකයම
නුඹම වී හමාරය




Thursday, 7 November 2024

වටිනාකම් පසුවට

 

මම අනුමාන කලා දැන් වෙලාව රෑ 7ට විතර ඇති, හීනියට පොල් ගස්වල කොල හෙලවෙන සද්දයක් ඇහෙනවා, අපි හෙමින් හෙමින් ගෙවල් පේලියක් අතරින් ඉදිරියට ඇදෙනවා, මට ඔවුන් අලුත්ම කණ්ඩායමක්, කිසි දිනෙක හමු නොවුනු, ඒත් මෙවැනි ලෙස හමු වුනු සුන්දර හදවත් රාශියක්, අඩි තුන හතරක් ඉදිරියට ගියා, හරිම අමුතු පරිසරයක්, ඒ අපිට, ඒත් ඒ මිනිස්සුන්ට අමුතු නෑ,රාත්‍රිය කියලා නෑ, මට නම් අලුත්, මම නොවිදපු පරිසරයක් කියන්නෙම මම කලින් අහලා නැති කතා ගොඩක්. ඒ ලස්සන කතා මම එකින් එක ඉදිරියට ඇවිදින ගමන් ලිහා ගත්තා. මම අහම්බෙන් බිම බැලුවා, සපත්තුවෙ අඩිය යාන්තමින් එරෙනවා, වැලි ස්වාභාවය වැඩියි කියලා මට හිතුනේ ඒ වෙලාවේ. ඒත් එක්කම කනට ගෝසාකාරී සද්දයක් එනවා යනවා, කලුවරේ මොනවත්ම පේන් නෑ,
"මල්ලී, උබට ඔය සද්දේ ඇහෙනවද?
ඔව් අයියෙ මටත් හරියටම මොකද්ද කියලා අදුනගන්න අමාරුයි, මුහුදෙ සද්දෙ වගේ නේද?
මුහුදෙ සද්දේ වගේ බන්, ඒ අයියා එහෙම කිව්වා.
අනිවාරෙන් මේ ලග මුහුදක් ඇති, මම කිව්වා,
ඔව් බන්, ඒ සද්දේ ලග ලගම ඇහෙන්නේ,

අපි තව ටිකක් ඉදිරියට ඇදුනා, පොල් ගස් යායකින් වටවුනු හරි හුරුබුහුටි ගෙයක්,ගෙදරට එන පාර මුහුදු වැලිවලින් අතුරලා, රෑ වුනත් ඒ ලස්සන දකින්න පුලුවන්, මොකද ලයිට් එලිය වැටිලා වැලි දිලිසෙනවා. වටපිටාවත් බලාගෙනම ගෙදර පිලිකන්නටම අපි ඇවිත්.

"අයියලා එන්න ඇතුලට,ඇතුලට ඇවිත් වාඩි වෙන්න.
අපිත් එක්ක ආපු අනිත් අය ගෙදර ඇතුලෙන් වාඩි වුනා, මමත් තව දෙන්නෙක් ගෙදර ඉදිරියේ ඇති බැම්ම මත වාඩි වුනා. ටික වෙලාවක් පරිසරය බලාගෙන අපි කතාවට වැටුනා.

මල්ලි, මේ හුළග ටිකක් වෙනස්,
අයියට මොකඛරි අමුතු සද්දයක් ඇහුනද,
ඔව් බන්, මොකක්හරි පෙරලෙනවා වගේ සද්දයක්, මට හිතෙන්නෙ මේ ලග වැඩපලක් ඇති,
ඇවිත් මුහුදෙ සද්දේ,මෙතනින් එහාපැත්තෙ මුහුද වෙන්න ඕනි,
ඇයි අයියේ මේ හුලගේ වෙනසක් දැනුන් නැද්ද?
ඔව් බන් වෙන හුලං වගේ නෙවෙයි, ඇගට දැනෙනකොට බරයි,
මේ හුලග එක්ක ලුනු එනවා, ඇග ඇලෙන්න වගේ එන්නේ ඒ නිසා,
මරු බන්, උදේ 6ට විතර මෙතනින් එහා පැත්තේ මුහුදට ගිහින් උදේ ඒ ෆීල්න් එක ගන්න තියනවනම්, මාරයි නේද බන්.
ඒක නම් කියලා වැඩක් නෑ,
අපිට ඉතින් හැමදාම ඇහෙන්නේ වාහන සද්ද විතරයි නේ,

ඔන්න ඔහොම කතාවකට මුල පුරන ගමන් ඉද්දි ඒ ගෙදර පොඩි බබා අපි ලගට ආවා, සුරංගනාවියක් වගේ ලස්සන කෙලි පැටියෙක්, අපිත් එක්ක ටික වෙලාවක් හුරතල් වෙලා මොනවහරි මතක් වෙලා ගේ ඇතුලට ගියා.

අපි ආයෙම බැම්ම උඩට වෙලා කතාවට වැටුනා, ඒ පාර මොකද්ද, ඔන්න ඒ පාර සිංහල සිනමාව ඇදිලා ආවා, ආ මරුම මාතෘකාව,අයේ මොනවද ඉතින්, කුරුල්ලන්ට පිහාටු ආවා වගේ, අපි තුන්දෙනාගේ කතාව ගොඩක් දුරට ඇදුනා, ම්ම්ම්, මාස ගානකට පස්සෙ මේ වගේ කතාබහක්, වචනෙන් කියලා ඉවර කරන්න බෑ, ඒත් සමහර මේ වගේ වටින කතිකා යද්දි තමන්ට වටිනාම දේවල් මිස් වෙනවා, අපි ඒවා හිතලා මිස් කරගන්නවා, මම නම් ඒකේ වරදක් දකින් නෑ, මොකද ජීවිතේ අපිට හැම මොහොතක්ම වටිනවා, අපේ කතිකාව කෙමෙන් කෙමෙන් ඉවර වීගෙන ආවා, ඒ කාලය හරස් වුන නිසා. අපි ආයෙම අපේ ගමනට පිටත් වුනා, ඒත් මුහුදෙ සද්දෙ ඇහෙමින්, මුහුද දකින්නෙවත් නැතිව හිටිය, ඒ කතිකාව ජීවිතේට සොදුරු හදවත් කිහිපයක් මුණගැස්සුවා, ඒ වගේ අහම්බෙන් හමුවන කතිකා ජීවිතේට වටිනවා, මේ ගලායන ජීවිතේ හැම මොහොතක්ම අපිට වටිනවා. හැම වෙලාවෙම දකින හැම කෙනා එක්කම සුන්දරව ඒ මොහොද ගත කරන්න.

අවසාන වශයෙන් ලියමි- ජීවිතේ ඇතුලේ අපිට වටිනාම කෙනෙක්,   ආයේ හමු නොවන මොහොතක් රසක්විදිමින් සිටින විට, මග හැරීම වරදක්ද? එහෙම වූවානම් සමාවෙන්න.
මගේම වචන මම කඩන අවස්ථා නැතුවම නෙවෙයි

"ජීවිතේ ඇතුලේ අපිට හමුවෙන හැම මොහොතක්ම, හැම තත්පරයම විදින්න, පසුවට පසු තැවීමට එය වග බලා නොගන්න"

නිමි....




Sunday, 3 November 2024

නිමනයක ඇය

මලක් කියන්නෙම හිතක්
එහෙම හිත් හරි අඩුයි ටිකක්
හමුවුනා එහෙම හිතක්
දැනෙයි මට ඇයත් මලක්

හරිම අඩුවෙන් පිපෙන
හීන සුවදින් විදින
නිම්නයක හැඩවුන
දැනෙයි මට ඇයත් මලක්

මෙහෙම ලියවෙන්නෙ ගොඩක් කාලෙකට පස්සේ, හිතට දැනෙන, වටිනාකමක් තියන ආදරණීය හිත් අඩුයි ටිකක්, ඉතින් ආදරෙයි ✨❤






අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව