එක දවසක
වෙනදනම් කියවුනෙම හිස් වචන නිතරම
ලගකදී මට තේරුනා ඒ බව
වචන ඇත පිරෙන්නට අත ලග
එයින් වටිනාම භාගය හුගක් ඇත්තේ නුඹ ලග
පොද කැබලි විසි වුන ආදරය
දූහුවිලෙන් වැසී තිබුනාම
එකපෙලට සකසා ගත්තේම
දැනෙන්නට හැරුනේම
නුඹ නිසා වග
ඉතින් එක දවසක
මටත් නොදැනීම
නුඹේ පපුවම
රිදෙව්වා මම
මටත් නොදැනීම
මගේ පපුවම
හිරවුනා එක මොහොතක
නුඹ හෙලපු සුසුමක්
ඇසට ආ කදුලක්
මගේ එක වදනක්
තවම නැත නිමාවක්
රතට හැරී දෙනුවන
ඉකිබිදි සුසුම්වල
පමණටත් වැඩියෙන්
මදිය ඉල්ලුවට සමාව
මේ හැම දේටම පසුවත්
අවසන් වරට හෙලන සුසුමක්
ගනේම තවත්
ආදරෙයි මතුවටත්


Comments
Post a Comment