Saturday, 9 November 2024

සියල්ලම වී හමාරය

යන්තමින් හිරු අවරට
සද ඒවීය පසුවට
එයට කලින්ම නුඹේ වත
සදක් වී මට හමාරය

දිලෙන නෙතු බලා
හිදිමි මම නිසසලව
ආදරේ යැයි ඔබට
පැවසූයේ පසුවය

හීන් කදුලැලි ගලා
නුඹේ නෙතු මන්තිය
ආදරේ යැයි ව
මට දැනී හමාරය

නුඹේ ඇස් මා දෙසම
මගේ ඇස් නුඹ දෙසම
ගේ මුලු ලෝකයම
නුඹම වී හමාරය




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...