යන්තමින් හිරු අවරට
සද ඒවීය පසුවට
එයට කලින්ම නුඹේ වත
සදක් වී මට හමාරය
ඒ දිලෙන නෙතු බලා
හිදිමි මම නිසසලව
ආදරේ යැයි ඔබට
පැවසූයේ පසුවය
හීන් කදුලැලි ගලා
නුඹේ නෙතු මන්තිය
ආදරේ යැයි වග
මට දැනී හමාරය
නුඹේ ඇස් මා දෙසම
මගේ ඇස් නුඹ දෙසම
මගේ මුලු ලෝකයම
නුඹම වී හමාරය
No comments:
Post a Comment