Thursday, 7 November 2024

වටිනාකම් පසුවට

 

මම අනුමාන කලා දැන් වෙලාව රෑ 7ට විතර ඇති, හීනියට පොල් ගස්වල කොල හෙලවෙන සද්දයක් ඇහෙනවා, අපි හෙමින් හෙමින් ගෙවල් පේලියක් අතරින් ඉදිරියට ඇදෙනවා, මට ඔවුන් අලුත්ම කණ්ඩායමක්, කිසි දිනෙක හමු නොවුනු, ඒත් මෙවැනි ලෙස හමු වුනු සුන්දර හදවත් රාශියක්, අඩි තුන හතරක් ඉදිරියට ගියා, හරිම අමුතු පරිසරයක්, ඒ අපිට, ඒත් ඒ මිනිස්සුන්ට අමුතු නෑ,රාත්‍රිය කියලා නෑ, මට නම් අලුත්, මම නොවිදපු පරිසරයක් කියන්නෙම මම කලින් අහලා නැති කතා ගොඩක්. ඒ ලස්සන කතා මම එකින් එක ඉදිරියට ඇවිදින ගමන් ලිහා ගත්තා. මම අහම්බෙන් බිම බැලුවා, සපත්තුවෙ අඩිය යාන්තමින් එරෙනවා, වැලි ස්වාභාවය වැඩියි කියලා මට හිතුනේ ඒ වෙලාවේ. ඒත් එක්කම කනට ගෝසාකාරී සද්දයක් එනවා යනවා, කලුවරේ මොනවත්ම පේන් නෑ,
"මල්ලී, උබට ඔය සද්දේ ඇහෙනවද?
ඔව් අයියෙ මටත් හරියටම මොකද්ද කියලා අදුනගන්න අමාරුයි, මුහුදෙ සද්දෙ වගේ නේද?
මුහුදෙ සද්දේ වගේ බන්, ඒ අයියා එහෙම කිව්වා.
අනිවාරෙන් මේ ලග මුහුදක් ඇති, මම කිව්වා,
ඔව් බන්, ඒ සද්දේ ලග ලගම ඇහෙන්නේ,

අපි තව ටිකක් ඉදිරියට ඇදුනා, පොල් ගස් යායකින් වටවුනු හරි හුරුබුහුටි ගෙයක්,ගෙදරට එන පාර මුහුදු වැලිවලින් අතුරලා, රෑ වුනත් ඒ ලස්සන දකින්න පුලුවන්, මොකද ලයිට් එලිය වැටිලා වැලි දිලිසෙනවා. වටපිටාවත් බලාගෙනම ගෙදර පිලිකන්නටම අපි ඇවිත්.

"අයියලා එන්න ඇතුලට,ඇතුලට ඇවිත් වාඩි වෙන්න.
අපිත් එක්ක ආපු අනිත් අය ගෙදර ඇතුලෙන් වාඩි වුනා, මමත් තව දෙන්නෙක් ගෙදර ඉදිරියේ ඇති බැම්ම මත වාඩි වුනා. ටික වෙලාවක් පරිසරය බලාගෙන අපි කතාවට වැටුනා.

මල්ලි, මේ හුළග ටිකක් වෙනස්,
අයියට මොකඛරි අමුතු සද්දයක් ඇහුනද,
ඔව් බන්, මොකක්හරි පෙරලෙනවා වගේ සද්දයක්, මට හිතෙන්නෙ මේ ලග වැඩපලක් ඇති,
ඇවිත් මුහුදෙ සද්දේ,මෙතනින් එහාපැත්තෙ මුහුද වෙන්න ඕනි,
ඇයි අයියේ මේ හුලගේ වෙනසක් දැනුන් නැද්ද?
ඔව් බන් වෙන හුලං වගේ නෙවෙයි, ඇගට දැනෙනකොට බරයි,
මේ හුලග එක්ක ලුනු එනවා, ඇග ඇලෙන්න වගේ එන්නේ ඒ නිසා,
මරු බන්, උදේ 6ට විතර මෙතනින් එහා පැත්තේ මුහුදට ගිහින් උදේ ඒ ෆීල්න් එක ගන්න තියනවනම්, මාරයි නේද බන්.
ඒක නම් කියලා වැඩක් නෑ,
අපිට ඉතින් හැමදාම ඇහෙන්නේ වාහන සද්ද විතරයි නේ,

ඔන්න ඔහොම කතාවකට මුල පුරන ගමන් ඉද්දි ඒ ගෙදර පොඩි බබා අපි ලගට ආවා, සුරංගනාවියක් වගේ ලස්සන කෙලි පැටියෙක්, අපිත් එක්ක ටික වෙලාවක් හුරතල් වෙලා මොනවහරි මතක් වෙලා ගේ ඇතුලට ගියා.

අපි ආයෙම බැම්ම උඩට වෙලා කතාවට වැටුනා, ඒ පාර මොකද්ද, ඔන්න ඒ පාර සිංහල සිනමාව ඇදිලා ආවා, ආ මරුම මාතෘකාව,අයේ මොනවද ඉතින්, කුරුල්ලන්ට පිහාටු ආවා වගේ, අපි තුන්දෙනාගේ කතාව ගොඩක් දුරට ඇදුනා, ම්ම්ම්, මාස ගානකට පස්සෙ මේ වගේ කතාබහක්, වචනෙන් කියලා ඉවර කරන්න බෑ, ඒත් සමහර මේ වගේ වටින කතිකා යද්දි තමන්ට වටිනාම දේවල් මිස් වෙනවා, අපි ඒවා හිතලා මිස් කරගන්නවා, මම නම් ඒකේ වරදක් දකින් නෑ, මොකද ජීවිතේ අපිට හැම මොහොතක්ම වටිනවා, අපේ කතිකාව කෙමෙන් කෙමෙන් ඉවර වීගෙන ආවා, ඒ කාලය හරස් වුන නිසා. අපි ආයෙම අපේ ගමනට පිටත් වුනා, ඒත් මුහුදෙ සද්දෙ ඇහෙමින්, මුහුද දකින්නෙවත් නැතිව හිටිය, ඒ කතිකාව ජීවිතේට සොදුරු හදවත් කිහිපයක් මුණගැස්සුවා, ඒ වගේ අහම්බෙන් හමුවන කතිකා ජීවිතේට වටිනවා, මේ ගලායන ජීවිතේ හැම මොහොතක්ම අපිට වටිනවා. හැම වෙලාවෙම දකින හැම කෙනා එක්කම සුන්දරව ඒ මොහොද ගත කරන්න.

අවසාන වශයෙන් ලියමි- ජීවිතේ ඇතුලේ අපිට වටිනාම කෙනෙක්,   ආයේ හමු නොවන මොහොතක් රසක්විදිමින් සිටින විට, මග හැරීම වරදක්ද? එහෙම වූවානම් සමාවෙන්න.
මගේම වචන මම කඩන අවස්ථා නැතුවම නෙවෙයි

"ජීවිතේ ඇතුලේ අපිට හමුවෙන හැම මොහොතක්ම, හැම තත්පරයම විදින්න, පසුවට පසු තැවීමට එය වග බලා නොගන්න"

නිමි....




No comments:

Post a Comment

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව