නිදහසේ වැටෙන අරලිය මල්
බිමට වැටෙන වග දැන
බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි
ඔවුන්ව පිලිගන්න අපූරුව
විනිවිදව අදහස් කියවන්නට
මේක මට හිතුන දෙයක්...
හැම කෙල්ලෙක්ම පොතක්
කියවන්න තියන පොතක්,
ලස්සන කතන්දර තියන,ඒ කතන්දරවලට දුක හිතෙන,සමහර කතන්දරවලට බඩ පැලෙන්න හිනායන, මෝඩකම්වලින් පිරුණු කතන්දර තියන, කියවන්න තියන ලස්සන පොතක්.
සමහර පොත් අපි කියෙව්වා,හැබැයි බාගෙට, එහෙම බාගෙට කියවලා අපි කතාව ඉවර කලා
සමහර පොත් අපි මගින් කියවලා නැවැත්තුවා.
අපි අකමැත්තෙන් වුනත් කැමැත්තෙන් උනත් අපි කියවන එක නැවැත්තුවා.
එහෙම කියවලා ඉවර කරගන්න බැරි වුන පොත් ගැන සමහරු දුක් වෙනවා.
රැය පහන් කරන රාත්‍රීන් ගණන් කරන්න බැරි තරමක් පහු කරනවා.
ඒ රැයවල්වල කදුලු හලනවා...
ඉතින් සහෝදරවරුනි, අවබෝධයෙන් කියවන පුරුද්ද අපි දිගටම තියා ගමු.
අපි යන සමහර තැන් තියනවා. දවසක ඒවට අපිට යන්න වෙන්නේ මහලොකු වගකීම් ගොඩක් ඔලුවෙ තියාගෙන. හැබැයි අපි පොඩි දවස්වල නම් හරිම සැහැල්ලුවෙන් ඒ වගේ තැන් වලට යනවා.ඒ අපිට හයියක් වෙන කෙනෙක් ලග ඉදපු නිසා. ඒත් ටික ටික ලොකු වෙද්දි ඒ වගේ තැන් වලට අලුතෙන්ම පුරුදු වෙලා යන්න අපිට සිද්ධ වෙනවා.ඒත් එක්කම ලොකු වගකීම් ගොඩක් ඒ වෙනකොටත් ඔලුව උඩට වැටිලා ඉවරයි.
මට මේ කතාව මතක් වුනේ වෙනස් දේවල් කිහිපයක් නිසා. මම හිතනවා ඒ වෙනස් දේවල් මම කරන්න ඇති කියලා.
ඕනිම කෙනෙක්ට තමන්ට අමාරුම වෙලාවේ මතක් වෙන්නේ එයාලට ලගින්නම ඉන්න ඕනි කියලා හිතෙන අය. මමත් එහෙම මනුස්සයෙක් කියලා මම හිතනවා. මොකද මට පුලුවන් තරමින් මගෙ උපරිමෙන් මන් ඒ දේවල් කලා කියලා හිතෙන නිසා.
ඒ මොහොත ඇතුලත තමන්ට පුලුවන් උපරිමෙන් ඒ දේ වෙනුවෙන් කැපවෙනවා නම්,ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ. මම හිතනවා මම ඒ දේ කලා කියලා. බලාගෙන හිටියා කියලා.
වෙලාවකට මේ ගෙවෙන හැම මොහොතක්ම හිතාගන්න බැරි දේවල් වලින් පිරිලා කියලා මට හිතෙනවා. දැන් මට ඕන මේ ගෙවෙන හැම මොහොතක්ම විදින්න. මග හැරෙන්නට නොදී විදින්න.මම ඒ වෙනුවෙන් දැන් කාලය කැප කරනවා.
පොඩි කාලේ පල්ලියේ මොන්ටිසෝරියේ අපිව ආදරෙන් බලාගත්ත සිස්ටර් ශ්‍රියානි,දැන් අපිව අදුන ගන්නත් බෑයිලු. අපි ඔක්කොම මොන්ටිසෝරි බබාලා.
අවුරුදු 2ක් වුනා. ගෙදර ලග පල්ලියට යන්න බැරි වුනා.ඉස්සරනම් දෙසැම්බර් 24රෑ නත්තල් දේව මෙහෙයට අපි යනවා. පල්ලියෙ මංගල්ලයට යනවා,වීථි යනවා.දැනට අවුරුදු 2ක් වුනා.මේ එකකට වත් පල්ලියට යන්න බැරි වුනා.
අදත් පල්ලියට ගියේ මලගෙදරක් වුන නිසා. ක්‍රිස්තියානි අයගේ චාරිත්‍ර අපේ චාරිත්‍ර වලට වඩා වෙනස්.ඔන්න ඔහොම ඉන්නකොට තමයි දැනගත්තෙ සිස්ටර් ආයෙම පල්ලියට ආවා කියලා.ඉතින් අපි මොන්ටිසෝරි බබාලා හතර දෙනාම සිස්ටර්ට කතා කරලා එන්න ගියා.
මේ විදියට සිස්ටර් එක්ක ෆොටෝ එකක් ගත්තේ අවුරුදු 20කට විතර පස්සේ. ඉතින් මේ ගෙවෙන්නේ හරි ලස්සන මතක එකතුවෙන කාලයක්.
මචං, මනුස්සයෙක්ට ස්ට්‍රෙස් වැඩි උනාම මොකද කරන්නේ. ගොඩක් අය සිගරට් බොන්න පුරුදු වෙලා ඉන්නේ අන්න ඒ නිසා.මමත් මේ දේ කලින් දැක්කේ වැරදි දෙයක් විදියට.එත් මේ ස්ට්‍රෙස් එකත් එක්ක වැඩ කරද්දි තේරුම් යනවා ඒකේ ලොකු වරදක් නෑ කියලා.මම නම් මුලින්ම දැක්කේ තැනින් තැන මිනිස්සු සිගරට් බොනවා.ඒ රස්තියාදු ගහන කරන්න දෙයක් නැති වෙලාවට පාරක් අයිනට වෙලා සිගරට් ගහන කොටස. ගොඩක්ම ස්ට්‍රෙස් වෙලාවට, කම්පියුටර් බේසික් වැඩ කරන වෙලාවට තියන හොදම විසදුම තමයි සිගරටෙක කියන්නේ,මොකද ඒක ගැන දන්නේ දවස තිස්සෙම ස්ක්‍රීන් එකක් ඉස්සරහ වැඩ කරන එවුන්ම තමයි.මන් දන් නෑ ඒක කොහොමද තේරුම් කරන්නේ කියලා.ඒත් දැන් මේ මම ඉන්න,කරන වැඩ ටිකත් එක්ක මට ඒ ගැන හිතෙන විදිය.
හැම හමුවීමක්ම අවසාන හමුවීමක් වෙන්න පුලුවන්.ඒ හමුවීම් අපිටත් නොදැනීම අවසාන හමුවීමක් වෙන එක ටිකක් දරාගන්න අමාරු මොහොතක්.
මට රස්සාව ඇතුලේ වෙනස්ම යාලුවෝ ආශ්‍රය කරන්න හම්බුනා.ඒ යාලුවෝ අතරින් දෙන්නෙක් අද සමුගත්තා.
'අපි ආයේ සෙට් වෙමු බන්'
උබලා දෙන්නා එහෙම යන්න කලින් එහෙම කිව්වා. අනිවාරෙන් අපි සෙට් වෙන්න ඕනි බන්.වෙනදට මෙහෙම කිව්වහම වැඩිය දුකක් නෑ.අපි ආයෙම පස්සෙ දවසා හම්බවෙනවා.ඒත් උබලා දෙන්නා 'ඉසුරු අයියා,චේමිය' අද උබලා දෙන්නා ගියේ කොළඹින්. ඒක වෙනම විදියට හිතට දැනුනා බන්. බෑග් උස්සගෙන උබ කොළබට ආපු විදිය මට මතකයි.හෙනම කට්ටක් කාලා ඉන්න තැනක් හොයාගෙන, අපේ අනිත් සෙට් එකත් එක්ක බොඩිමේ ආතල් එකේ හිටපු දවස්, ඒවා අදින් ඉවරයි.උබලව අන්තිමට බස් එකට නග්ගලා බස් එක යද්දී දැනුනේ 'See You Again' සින්දුව බන්. කොල්ලොන්ට ටික කාලෙකට හරි බොක්කෙන්ම හිටපු උන් ඈත් වෙන එක හිතට ලොකු දුකක් බන්. එකට කාලා බීලා,ආතල් දාලා, එකටම අපේ ප්‍රශ්න කතා කරලා, එකට හිටපු උබලා කොළඹින්ම යනකොට පට්ටම දුකයි බන්. උබලගේ පාත් එක පැහැදිලි, උබලා යන්නේ ගේමක් ගහන්න මග හදාගෙන.ඉතින් මචන්ලා අපි ලගදිම සෙට් වෙමු. උබලා යන තැනක උතුරන්න හරියන්න ඕනි.
ඇත්තටම ටික කාලෙකට විතරක් සීමා වෙන දේවල්වලට අපි ඇයි මේ තරම්ම ලෝභ. එහෙම තමයි මිත්‍රයා,අපිට වැඩියෙන්ම හිතට දැනෙන දේවල් වලදී, අපිට වැඩියෙන්ම හිතට දැනෙන දේවල්, ටික කාලයයි. දෙපාර්ශවයක් අතර වුනත් ඒකඒ විදිය තමයි. එක් කෙනෙකුට ටික කාලයයි.
මේ ටික කාලේ ඇතුලේ අපි හොයන,ලබාගන්න,අත්හැරෙන දේවල් නම් ටික කාලෙකින් අමතක කරන්න බෑ.මොකද ඒ හැමදේම නිසා.කාලය හරහා හැමදේටම යන්න දෙමු.හැමදේව සරලව හිතට ගන්න හදන්න එපා මිත්‍රයා, හැමදේම ගැන ගැඹුරු ස්වයං අධ්‍යනයකට යමු.
නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව