Sunday, 16 March 2025

අවුරුදු විස්සකට පස්සේ

පොඩි කාලේ පල්ලියේ මොන්ටිසෝරියේ අපිව ආදරෙන් බලාගත්ත සිස්ටර් ශ්‍රියානි,දැන් අපිව අදුන ගන්නත් බෑයිලු. අපි ඔක්කොම මොන්ටිසෝරි බබාලා.

අවුරුදු 2ක් වුනා. ගෙදර ලග පල්ලියට යන්න බැරි වුනා.ඉස්සරනම් දෙසැම්බර් 24රෑ නත්තල් දේව මෙහෙයට අපි යනවා. පල්ලියෙ මංගල්ලයට යනවා,වීථි යනවා.දැනට අවුරුදු 2ක් වුනා.මේ එකකට වත් පල්ලියට යන්න බැරි වුනා.

අදත් පල්ලියට ගියේ මලගෙදරක් වුන නිසා. ක්‍රිස්තියානි අයගේ චාරිත්‍ර අපේ චාරිත්‍ර වලට වඩා වෙනස්.ඔන්න ඔහොම ඉන්නකොට තමයි දැනගත්තෙ සිස්ටර් ආයෙම පල්ලියට ආවා කියලා.ඉතින් අපි මොන්ටිසෝරි බබාලා හතර දෙනාම සිස්ටර්ට කතා කරලා එන්න ගියා.

මේ විදියට සිස්ටර් එක්ක ෆොටෝ එකක් ගත්තේ අවුරුදු 20කට විතර පස්සේ. ඉතින් මේ ගෙවෙන්නේ හරි ලස්සන මතක එකතුවෙන කාලයක්.




No comments:

Post a Comment

භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...

 ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...