Wednesday, 23 March 2022

තනි වී.. ණය බරින් හෙම්බත් වී,

 කාලය, විදුලිය සමග කරන මේ සෙල්ලම කවදා නම් ඉවර වෙයිද?

විදුලිය සමග සෙල්ලම් කරන ජනතාවගේ ජීවිකාව

කෙසේ විසදෙයිද?

මේවාට විසදුම් කවදා ලැබෙයිද?

ප්‍රශ්න රාශියක් මැද මුදුදෙන් වට වූ රටක්.....


තනි වී.. ණය බරින් හෙම්බත් වී,

තව මොනවා විකුණන්නට වෙයිද යන සැකයෙන්.....




Saturday, 19 March 2022

සද වූ ඔබ අද කොහෙදැයි

අමතක වූවාට නුබට මා

මට නෑ අමතක වූයේ නුබ නම් කිසි දින

නුබට බැදි පෙමින්

තවමත් නුබ ගැන සිතමින්

ඔය නෙතු අතර සිර වූ මා 

යලි කවදා නුබේ වෙන්නද


අමාවක අහසයට 

තරු ගනිමින් සිටි මා හට

සද වූ ඔබ අද කොහෙදැයි

මා සොයමි


ඉතින් ආදරියේ නුබ 

මතු ආත්මයේ හෝ

මගේ වෙන්නට මා පෙරුම් පුරමි


දැනුනු නුබේ ආලය

නුබ කෙරෙන්

සිත් අහසයට

එලෙසම 

නොවෙනස්ව

ඔබ එනතුරා...


Thursday, 10 March 2022

ආදරේට තේරුම් ගන්න බැරි,

 පුලුවන් දවසක හීනවලට යන්න, සමාජයේ මිනිස්සු කියන කතා තියපන් පැත්තක, කියයි...

උබට මොනවද පුලුවන්...

උබ දන්නවා උබට පුලුවන් දේ.....

මේ හීනෙට යද්දි උබෙ ආදරේ උබෙන් මග හැරෙන්නත් පුලුවන්...

උබව තේරුම් ගන්න බැරි,

ආදරේට බම්බු ගහගන්න කියලා,

උබ උබේ ගමනේ පලයන්..

තේරුම් ගනී දවසක, උබ කලේ හරි දේ කියලා




අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව