නූතන තාක්ෂණය අපි ඇගට ගත්තා වැඩිද මන්දා කියලත් හිතෙනවා, වෙලාවකට. මොකද ලොකු පොඩි කියලා නෑ. සමාජයේ ඉන්න හැම මනුස්සයම වගේ මේකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඇබ්බැහි නොවී ඉන්නේ ඉතාම සුලු පිරිසක්.නූතන තාක්ෂණය මෙතරම් දරුණුද? මිනිසුන්ගේ ආකල්ප විනය වෙනස් කරන්න තරම් ශක්තිමත්ද? ලොකු පොඩි කියලා නෑ...සියලු දෙනාවම ඇබ්බැහි කරවන සුලුයිද? අද බ්ලොග් එකෙන් ඒ ගැන ලියන්න හිතුවා..
මම හිතන විදියට නූතන තාක්ෂණය එකඅතකට මහගු අත්වැලක්.තවත් අතකට ප්‍රශ්න රාශියක්. මේක ඉතින් හැමදාම කතාවෙන ලක්ෂණ දෙකක්නෙ. අද ටිකක් වෙනස් පැත්තකට.
උදාහරණයක් විදියට ගත්තොත් දැන් අවුරුද්දක් දෙකක් විතර කාලයෙ ඉදලා ඔන්ලයින් අද්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.ලොකු පොඩි භේදයක් නැතුව මේ ක්‍රමය යටතේ සියලු දෙනාම අද්‍යාපනය ලබනවා. මෙතනදී මුල් කාලයේ පොඩි පොඩි ප්‍රශ්න කිහිපයක් ආවා.සිග්නල් ප්‍රශ්න, ඔන්ලයින් අද්‍යාපනයට ජංගම දුරකතන, පරිගණක ප්‍රශ්න වගේ,මතකද දන් නෑ ඒ කාලේ ලමයි ගස් උඩ , වහලවල් උඩ පාඩම් කරා ඔන්ලයින් අද්‍යාපන ක්‍රමය, දැන් ඒ ලමයින්ට සිග්නල් ඇති නේ. මොකද ටීවී එකේ එකෙන් එහෙම නිතරම පෙන්නුවේ නිව්ස්වලට, ලමයි ගස් දිගේ නගින ඒවා, වහල උඩ නගින ඒවා, ඇත්ත තමයි බන් ඒ දේවල්. ඒත් බන් මේ මාධ්‍ය ආයතනය කරන රගපෑම්වලට, අපේ එවුන්ට ටීවී එකේ මූණ දාගන්න තියනවනම් පොල්ගහකට උනත් නගියි සිග්නල් හොයාගෙන.අසරණ දෙමව්පියොවත් ඈදගෙන මාධ්‍යකාරයෝ මාර රගපෑමක් කරන්නේ..එහෙමට ජාතියක් බන් මේක.. ඒත් දැන් සිග්නල් ප්‍රශ්නයනම් බොහෝ දුරට විසදිලා ඇති.ඒත් එදා කතා කර තරම් නම් අද කතා කරන් නෑ... මේවා බන් රටක ප්‍රශ්න. එක පාරට ආපුවා නෙවෙයි.මේවට අඩිතාලම ටිකෙන් ටික දාන්න ඕනී.