Sunday, 6 February 2022

වැඩිහිටියො බෙදිලා.... පොඩිහිටියෝ බෙදිලා.... පාසලේ ඉදන්ම....

 කොරෝනා වසංගතයත් සමග නූතන තාක්ෂණය හා එක්ව ඔන්ලයින් අද්‍යාපනය එකවරම පටන් ගත්තායින් පස්සේ ගොඩක්ම ප්‍රශ්න ඇතිවුනේ ගම්වල මිනිස්සුන්ට. මොකද ඒ මිනිස්සු ලග ස්මාර්ට්ෆෝන් නෑ. නගරේ මිනිස්සුන්ට නම් මේවා සාමාන්‍ය දේවල්. ගමේ මනුස්සයෙක්ට මේ වගේ දෙයක් එක පාරටම ගන්න ගියම ටිකක් ප්‍රශන.ඒ මිනිස්සුන්ගේ ආර්ථික පසුබිම ඒකට විශාල ලෙස බලපානවා. ආර්ථිකය එහෙට මෙහෙට කරලා කොහොමහරි අමාරුවෙන් දරුවන්ට අද්‍යාපනයට පංති ඉන්න ස්මාර්ට්ෆෝන් එකක් ගත්තයි කියමුකෝ.ඔන්න ඔතන තමයි බහුතරයක් ගම්බද අම්මල තාත්තලා විනාශවෙන තැන. ස්මාර්ට්ෆෝන් භීතිකාව , මොකද මේ අම්මලා තාත්තලට අලුත් දෙයක්, එයලා දැකලා තිබුනු ඉලෙක්ට්‍රෝනික මහ අපූරූ උපාංගයක් එයාල ලගදැන්. ඔන්න එයාලා දැන් මේකෙන් සමාජගතවෙනවා.ලමයින්ට මේක ලොකු අරුමහක් නෙවෙයි. ඔවුන් යාලුවන්ගෙන් එහෙම මේක දැකලා තියනවා.අම්මලා තාත්තලා දැන් සමාජගතවෙනවා ඔන්ලයින් ක්‍රමය හරහා, ඒක ෆේස්බුක් වෙන්න පුලුවන්, ටික්ටොක් වෙන්න පුලුවන්, වට්ස්ඇප්, ඉමෝ, වයිබර් එයාලා දැන් එයාලගේ ලෝකවල. හැබැයි මම කියන් නෑ අද්‍යාපනයට ගත්ත මේ ස්මාර්ට්ෆෝන් එකෙන් අද්‍යාපන කටයුතු කරන් නෑ කියලා. නෑ.... ඒවත් අකුරටම කරනවා. ලමයා තමාගේ අද්‍යාපන කටයුතුවලින් බැහැර වුනාට පස්සේ තමයි, අම්මලා තාත්තලා තමන්ගේ වැඩ කරගන්නේ.කමක් නෑ... ෆේස්බුක් , ටික්ටොක් , වට්ස්ඇප් ගියාට තමන්ගේ වයස ගරුත්වය තියාගෙන ඉන්න ඕනේ. රටකට කෙලවෙන්න සමාජමාධ්‍යම ඇති.මේ කෙලවීම පටන්ගන්නේ ගෙදරින්, අම්මා තාත්තා ස්මාර්ට්ෆෝන් එකෙන් සමාජගතවෙලා ( මන් මෙතන සමාජගතවෙලා කියලා අදහස් කරන්නේ උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් එකේ පෝස්ට් දාන, තමන්ගේ වයසට නොගැලපෙන දේවල් කරන ) නම් ගෙදරක කෙලවීම පටන් ගන්නවා. ලමයි හැදෙන්නෙ දෙමව්පියො දිහා බලගෙන. ලමයි පොඩි කාලේ ඉදලා දකින දෙයක් තියනවා.ඒ දේ ස්මාර්ට්ෆෝන් එකෙන් සමාජගතවීම වුනොත්..


මම ලියන්නෙ සමාජයේ මම දැකපු මම කියවපු චරිත ගැන. මේත් මම දැකපු ඒ වගේ චරිත කිහිපයක්. මේ වගේ චරිත තව ඕනේ තරම් ලංකාව පුරාම ඉන්නවා. රටක විනය ආචාරධර්ම පද්ධතිය නැතුව රටක් සංවර්ධනය කරන්න බෑ.ඒකට රටේ වැඩිහිටියන්ගේ ඔලුත් පිරිසිදු වෙන්න ඕනේ. රටේ වැඩිහිටියෝ හරි පාරක ගියපු දාට රටේ පොඩිහිටියෝ හරි පාරක යයි.දැන් වැඩිහිටියො බෙදිලා.... පොඩිහිටියෝ බෙදිලා.... පාසලේ ඉදන්ම....






No comments:

Post a Comment

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව