මේක 2023 කතාවක්.ඒත් මේ කතාවේ අදහස අද වෙනකම් වෙනස් වෙලා නෑ.
අයියලා සෙට් එකත් එකතුවෙලා පොඩි Shot එකක් දාන ගමන් (මම බිව්වෙ නෑ) දාපු පොඩි කතා බහක්.
අයියා කෙනෙක්- මෙතන කවුද උබලගෙන් වෙන job එකක් කරන් නැතුව මේ වැඩේම දිගටම කරන්න බලාගෙන ඉන්න වුන්. ( මේ වැඩේ කිව්වෙ Filmmaking )
මා ඇතුලුව දෙතුන් දෙනෙක්- අපි, දිගටම මේ වැඩේ ඉන්නවා.
අයියා කෙනෙක්- එහෙනම් මල්ලි මෙච්චරයි, උබලා බැදලා නෑනේ, කෙල්ලො ඉන්නවද උබලට?
මා ඇතුලුව දෙතුන් දෙනෙක්- නෑ,
අයියා කෙනෙක්- එහෙනම් මල්ලි මෙච්චරයි, උබලා කෙල්ලො එක්ක යාලු වෙන්න එපා, බදින්නත් එපා, මොකද උබලා මේ කරන subject එක ඇතුලේ කෙල්ලෙක්ට උබලව තේරුම් ගන්න අමාරුයි, සහ උබලට ඒ කෙල්ල වෙනුවෙන් කාලය කැප කරන්න ආමරුයි, උබලා එහෙම කරලා බැන්දොත් වෙන්නෙ, තමන්ගේ ගෑනි පිට යන එක. ( මෙහෙම දිග කතාවක් ගියා )
මචන් උබලට ගැලපෙන්නෙ උබලාගෙම subject එකේ වැඩ කරන කෙනෙක්ව, එහෙම ගැලපුනු අය හිටියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය. එහෙම කෙනෙක් හම්බෙනෙත් බන් වාසනාවට, බලපන් ඒ දෙන්නා කොච්චර හොදට හිටියද? ( කතාව දිගට ගමන් කරයි)
දැන් මොකද කරන්නෙ, මෙහෙම තනියම ඉගෙනගෙන ෆිල්ම් එකක් ගහන්න ඔට්ටු වෙනවා.... සරල ජීවිත....

No comments:
Post a Comment