රට අවුල්


රට අවුල්, රටට පට්ටටම කෙල වෙලා කියලා මට දැනුනෙ සතොසට ගිය වෙලාවේ.. 

පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් වගේ තමයි හාල් පෝලිමත්, 

සතොසට හාල් ආපූ ආරංචියට, අඩුවට හාල් කිලෝ පහක් ගන්න කියලා හිතාගෙන සතොසට ගියා.. පෝලිම, පෝලිමේ හිටියා , වෙන මොනවා කරන්නද? දැන් හැමදේටම පෝලිම් නේ, හාල් පෝලිමත් නිකන් පෙට්‍රල් පෝලිම වගේ තමයි, මට වුනේ මේ දවස්වල කිසිම මනුස්සෙකුට වෙන්න ඕනෙ නැති සිදුවීමක්, පෝලිමේ මට තව දෙන්නෙක් ඉස්සරහින්, හාල් ඉවර වුනා කියහන්කෝ, අඩුවට හාල් ගන්න හීනේ සුන්, 

මට එවේලේ මෙහෙම දෙයක් හිතුනා, රටට කොච්චර කෙල වෙලාද කියලා, මොකද ඉස්සර, අවුරුද්දකට කලින් කියමුකෝ, අපි දන්නවද අපේ රටට තෙල් නැවු ආවා කියලා, ගෑස් නැවු ආවා කියලා, ඒවා ප්‍රවෘත්තිවලට පෙන්නුවද? පෙට්‍රල් නැවු ගෑස් නැවු ආවා.. අපිට ඒක ගානක් නෑ, දැන් අපි නැවු එනකන් බලන් ඉන්නවා..

අපිට, අපේ රටට වෙච්චි දෙයක්, එදා වේලා හම්බකරන් කාපු පවුලක් වගේ තමයි අපේ රට, අවුරුදු හැත්තෑවක් කල් ගෙව්වේ..මේවා අපේ මිලියන විස්සෙත් වැරදි, 


මිනිස්සු විදින දුක දැක්කහම දුකත් හිතෙනවා, මොනවා කරන්නද, අපිත් ඒ දුකේමයි...




Comments