වැස්ස හරියට හයියෙන් වැහැලා පායනවා වගේ, අපේ අරගලයත් එහෙම වෙයිද?. එක පාරටම පාරට බැස්ස අපි, දැන් ඉන්නෙ උච්චතම අවස්ථාවේ, මේ රැල්ලත් කොතනින් කොහොම ඉවර වෙයිද කියලා කියන්න බෑ. අහලා දැකලා තියනවනේ ලංකාවේ කාලෙන් කාලෙට රැලි ඇති වෙනවා කියලා. අපේ කොල්ලො කෙල්ලො ටිකත් බලාගෙන හිටියා. රජය රට පාලනය කරන විදිය, දූෂිතයි, බැස්සා පාරට රට ගොඩගන්න, මේක මාරම විදියට සමාජය ඇතුලේ රැල්ලක් වුනා, සිය දහස් දෙනා අරගලයට එකතු වුනා. අරගලයේ ප්‍රතිඵල තිබුනා. ප්‍රචණ්ඩත්වය නොමැති අරගලයකින් ඕනෑම දෙයක් දිනා ගත හැකියි.උන්ට ඕනෙ ප්‍රචණ්ඩත්වය, ගල්මුල්, අපිට කදුලු ගෑස්, ජල ප්‍රහාර. GOGOTAHOME ගෝථා ගෙදර යයිද? මේ කෙලවුනු වෙලාවේ ගෝථා ගෙදර යවලා රට කරන්නෙ කවුද? ප්‍රශ්න ගොඩක හිරවෙලා, මේ අරගලය ප්ලෑන් කරේ කවුද? මල්දෙණිය ජෙහාන් එක්ක සෙට් වෙලා ප්‍රියන්තලාට දෙන ගේමක්ද? ප්‍රශ්න ගොඩක් මැද බෝඩ් කෑලි උස්සගෙන අරගලයක, ඒ අස්සෙ සමාජජාලවල කැපී පෙනෙනෙ චරිත වෙන්න photos ගගහා බහුතරය ප්‍රදර්ශනාත්ම අරගලයක. ප්‍රශ්න කෝටියක් මැද, ප්‍රශ්න කෝටියකට පිලියම් හොයන අරගලයට ජය....
Subscribe to:
Post Comments (Atom)
භෞතික විද්‍යාව අවබෝධ වෙන්නෙ නෑ...
ඇල්බට් අයින්ස්ටයින් ගෙ පින්තූරයක්, ගෙදර බිත්තියේ එල්ලගෙන, උදේ හවස මල් තියල, පහන් හඳුන් කූරු පත්තු කරල, වන්දනාමාන කළාට... කිසිම කෙනෙකුට භෞති...
-
උබලට මතකද ඉස්කෝලේ O/L කරන කාලේ ටීචර්ලා කියපු වචනයක් ' මේ ටික කාලේ මහන්සි වුනොත් ඉතුරු ජීවිතකාලේ සැපේ ඉන්න පුලුවන් ' මේ වගේ වචන කිහි...
-
මම මුලින්ම දැක්කේ වතුර වතුර මැදින් මට එලියක් පෙනුනා ඒ මොකද්ද කියලා මම ටිකක් අවදානයෙන් බැලුවා ඒ හඳ, පෝය දවසට පායන හඳ වගේමයි ඒත් පෝය පහ...

No comments:
Post a Comment