මම මෙච්චර කාලෙකට දේශපාලනය ගැන ප්‍රසිද්ධියෙ කතා කරලා නෑ.. ඒත් අද කතාකරනවා..
දැන් බන් ඔය ජවිපෙට රැල්ලක් වගේ එකතු උන එවුන් තමයි බන් 2014 දිත් එකතු උනෙ.. 2015 දී යහපාලන ආණ්ඩුව ගේන්න.. ඕකුන්ම තමයි බන් 2019 දී ජාතික ආරක්ෂාව ගේන්නත් අරගල කරේ...අපේ එව්න්ට තේරෙන් නෑ බන්.. අපෙ උන් රැවටෙනවා.. අපෙ එවුන්ට දේවල් මතක තියෙන්නෙ ටික කාලයයි..ඒක බන් අමුතු ඇටේ අමුතු මිනිස්සුන්ගෙ හැටි....
මම දැකපු විදියට සමාජ මාධ්‍යවල ජවිපෙට රැල්ලැක් හැදෙනවා... රැල්ලක් කියන්නෙ අමුතු ඇටේ කාලෙන් කාලෙට හැදෙන සමාජ විප්ලවයන් (හිනාත් යනවා)
මම ටිකක් හොයලා බැලුවා, කවුද මේ ජවිපෙ වෙනුවෙන් රැල්ලක් හදන උදවිය කියලා.... අප්පටසිරි... බැලින්නම් 2019 ජාතික ආරක්ෂාව ( මතකද දන් නෑ, ජාතික ආරක්ෂාව )බලයට ගේන්න කෑ ගහපු සෙට් එක, චන්ද රැලිවලට ගිය සෙට් එක, මේ සෙට් එකෙන් බහුතරය තමයි 2015 යහපාලන ආණ්ඩුව ගේන්නත් රැල්ලක් හැදුවේ.
දැන් තේරෙනවනේ අර ආණ්ඩුව බලයට ගේන්න, මේ ආණ්ඩුව බලයට ගේන්න දගලන වහල්ලු අමුතු ඇටේ අමුතු මිනිස්සු කොටස,
දැන්වත් උබලට තේරෙනවද කවුද දිනුම් කියලා..
උබලා කොච්චර වහල්කම් කරත් උන් හැමදාම දිනුම් බන්.. රටේ මහජනතාව, චන්ද දායකයො වසර 70ක් පුරාවටම පරාදයි බන්... ඒ විතරක්ද මුලු රටම පරාදයි..
No comments:
Post a Comment