Tuesday, 25 January 2022

නිදහස් යැයි කියන නිදහස් චතුරස්‍රය


 මචං මේක මට ගිය සතියක, ඒ කියන්නෙ 2022 ජනවාරි 09 ඉරිදා වුන සිද්ධියක්. මේක වුනේ නිදහස් කියලා නම් කෙරුණු, 1948 සුද්දා අපිට ඩොමීනියන් නිදහස දුන්න තැනදි. නිදහස් චතුරස්‍රය ලගදී. මම එතනට ගිහිල්ලා පැත්තකට වෙලා ඉදගෙන ගිම්බල් එකට ෆෝන් එක සෙට් කරගෙන ඩී එස් සේනානායක මහත්තයගේ පිලිරුව වටේ කැරකි කැරකි වීඩියෝ ශොට් වගයක් දැම්මා. කොහොමහරි මම එතන ශොට් පහ හයක් දාගෙන , එතන පඩියෙන් බැහැලා නිදහස් චතුරස්‍රයේ ශොට් ටිකක් දාගන්න කියලා හිතුවා.ඔන්න ඒත් එක්කම ඔතනට ඇවිදගෙන ආවා මනුස්සයෙක්, මම හිතන්නෙ එතන බලාගන්න අය, ගාඩ්ලා වගේ. 

මට 

මල්ලි..මල්ලි....

කියලා කතා කරා, මාත් සීන් එක දන් නෑනේ, මාත් මනුස්සයා ඉන්න පැත්තට අඩියක් දෙකක් ඇවිදන් ගියා. මට හිතුනා මේකෙ මොකක්හරි අවුලක් තියනවා කියලා. මන් මනුස්සයා ලගට ගියා


"මල්ලී, මෙතන වීඩියෝ කරන්න දෙන් නෑ"

ඒ මනුස්සයා මට කිව්වා.


අයියේ ෆෝන් එකකින්වත් වීඩියෝ කරන්න දෙන්නෙ නැද්ද? 

කියලා මම ඇහුවා.


මල්ලි මෙතන වීඩියෝ කරන්න තහනම්...

මම ගිම්බල් එක ඕෆ් කරගෙන නිදහස් චතුරස්‍රයේ උඩට නැග්ගා.ඔහොම පඩි හයක් විතර නගිනකොට තව එතන බලාගන්න කෙනෙක් මගෙ ඉස්සරහට ආවා. මනුස්සයා කලිසමක් ෂර්ට් එකක් ඇදලා ඩීසන් පිට හිටියේ. 


"මෙතන වීඩියෝ කරන්න දෙන් නෑ " 

කියලා මට කිව්වා.


"පහලිනුත් මට විස්තරේ කිව්වා.. ඇයි මෙතන වීඩියෝ කරන්න දෙන්නෙ නැත්තේ "

කියලා මම ඇහුවා


මනුස්සයා ටිකක් ගැම්මෙන් වගේ කිව්වා "

ඒකට සංස්කෘතික අමාත්‍යාංශයේ අවසරයක් ඕනි කියලා.."

මනුස්සයා මට විස්තරේ තේරුම් කරලා දුන්නා..

"මෙතන වීඩියෝ කරන්න දෙන් නෑ.. කට්ටිය වීඩියෝ කරලා අනම් මනම් දානවලු කියලා කිව්වා" 


මම ඇහුවා "ෆොටෝ ගහන්න දෙනවද කියලා.. ඒකට ප්‍රශ්නයක් නෑ කිව්වා.."


පස්සේ මම ටික වෙලාවක් නිදහස් චතුරස්‍රයේ ලග ඉදගෙන ඉදලා ෆොටෝ ටිකක් ගහගෙන ගෙදර ආවා..


ඔන්න ඕකයි තත්වේ.. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් යැයි කියන නිදහස් චතුරස්‍රය ලග ජංගම දුරකතනයකින්වත් වීඩියෝ කිරීමට අවස්ථාවක් නෑ. ඩී එස් මහත්තයා මේ සියලු දේවල් බලාගෙන නිසසලව නිදහස් චතුරස්‍රය අසල..






1 comment:

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව