Tuesday, 25 January 2022

නිදහස් යැයි කියන නිදහස් චතුරස්‍රය


 මචං මේක මට ගිය සතියක, ඒ කියන්නෙ 2022 ජනවාරි 09 ඉරිදා වුන සිද්ධියක්. මේක වුනේ නිදහස් කියලා නම් කෙරුණු, 1948 සුද්දා අපිට ඩොමීනියන් නිදහස දුන්න තැනදි. නිදහස් චතුරස්‍රය ලගදී. මම එතනට ගිහිල්ලා පැත්තකට වෙලා ඉදගෙන ගිම්බල් එකට ෆෝන් එක සෙට් කරගෙන ඩී එස් සේනානායක මහත්තයගේ පිලිරුව වටේ කැරකි කැරකි වීඩියෝ ශොට් වගයක් දැම්මා. කොහොමහරි මම එතන ශොට් පහ හයක් දාගෙන , එතන පඩියෙන් බැහැලා නිදහස් චතුරස්‍රයේ ශොට් ටිකක් දාගන්න කියලා හිතුවා.ඔන්න ඒත් එක්කම ඔතනට ඇවිදගෙන ආවා මනුස්සයෙක්, මම හිතන්නෙ එතන බලාගන්න අය, ගාඩ්ලා වගේ. 

මට 

මල්ලි..මල්ලි....

කියලා කතා කරා, මාත් සීන් එක දන් නෑනේ, මාත් මනුස්සයා ඉන්න පැත්තට අඩියක් දෙකක් ඇවිදන් ගියා. මට හිතුනා මේකෙ මොකක්හරි අවුලක් තියනවා කියලා. මන් මනුස්සයා ලගට ගියා


"මල්ලී, මෙතන වීඩියෝ කරන්න දෙන් නෑ"

ඒ මනුස්සයා මට කිව්වා.


අයියේ ෆෝන් එකකින්වත් වීඩියෝ කරන්න දෙන්නෙ නැද්ද? 

කියලා මම ඇහුවා.


මල්ලි මෙතන වීඩියෝ කරන්න තහනම්...

මම ගිම්බල් එක ඕෆ් කරගෙන නිදහස් චතුරස්‍රයේ උඩට නැග්ගා.ඔහොම පඩි හයක් විතර නගිනකොට තව එතන බලාගන්න කෙනෙක් මගෙ ඉස්සරහට ආවා. මනුස්සයා කලිසමක් ෂර්ට් එකක් ඇදලා ඩීසන් පිට හිටියේ. 


"මෙතන වීඩියෝ කරන්න දෙන් නෑ " 

කියලා මට කිව්වා.


"පහලිනුත් මට විස්තරේ කිව්වා.. ඇයි මෙතන වීඩියෝ කරන්න දෙන්නෙ නැත්තේ "

කියලා මම ඇහුවා


මනුස්සයා ටිකක් ගැම්මෙන් වගේ කිව්වා "

ඒකට සංස්කෘතික අමාත්‍යාංශයේ අවසරයක් ඕනි කියලා.."

මනුස්සයා මට විස්තරේ තේරුම් කරලා දුන්නා..

"මෙතන වීඩියෝ කරන්න දෙන් නෑ.. කට්ටිය වීඩියෝ කරලා අනම් මනම් දානවලු කියලා කිව්වා" 


මම ඇහුවා "ෆොටෝ ගහන්න දෙනවද කියලා.. ඒකට ප්‍රශ්නයක් නෑ කිව්වා.."


පස්සේ මම ටික වෙලාවක් නිදහස් චතුරස්‍රයේ ලග ඉදගෙන ඉදලා ෆොටෝ ටිකක් ගහගෙන ගෙදර ආවා..


ඔන්න ඕකයි තත්වේ.. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් යැයි කියන නිදහස් චතුරස්‍රය ලග ජංගම දුරකතනයකින්වත් වීඩියෝ කිරීමට අවස්ථාවක් නෑ. ඩී එස් මහත්තයා මේ සියලු දේවල් බලාගෙන නිසසලව නිදහස් චතුරස්‍රය අසල..






Tuesday, 11 January 2022

නිසි දේශපාලන දර්ශනයක්, නිසි නායකත්වයක් මේ රටට එනකන් මේ රටත් පරාදයි.. අපිත් පරාදයි...

 මම මෙච්චර කාලෙකට දේශපාලනය ගැන ප්‍රසිද්ධියෙ කතා කරලා නෑ.. ඒත් අද කතාකරනවා..


දැන් බන් ඔය ජවිපෙට රැල්ලක් වගේ එකතු උන එවුන් තමයි බන් 2014 දිත් එකතු උනෙ.. 2015 දී යහපාලන ආණ්ඩුව ගේන්න.. ඕකුන්ම තමයි බන් 2019 දී ජාතික ආරක්ෂාව ගේන්නත් අරගල කරේ...අපේ එව්න්ට තේරෙන් නෑ බන්.. අපෙ උන් රැවටෙනවා.. අපෙ එවුන්ට දේවල් මතක තියෙන්නෙ ටික කාලයයි..ඒක බන් අමුතු ඇටේ අමුතු මිනිස්සුන්ගෙ හැටි....


මම දැකපු විදියට සමාජ මාධ්‍යවල ජවිපෙට රැල්ලැක් හැදෙනවා... රැල්ලක් කියන්නෙ අමුතු ඇටේ කාලෙන් කාලෙට හැදෙන සමාජ විප්ලවයන් (හිනාත් යනවා)

මම ටිකක් හොයලා බැලුවා, කවුද මේ ජවිපෙ වෙනුවෙන් රැල්ලක් හදන උදවිය කියලා.... අප්පටසිරි... බැලින්නම් 2019 ජාතික ආරක්ෂාව ( මතකද දන් නෑ, ජාතික ආරක්ෂාව )බලයට ගේන්න කෑ ගහපු සෙට් එක, චන්ද රැලිවලට ගිය සෙට් එක, මේ සෙට් එකෙන් බහුතරය තමයි 2015 යහපාලන ආණ්ඩුව ගේන්නත් රැල්ලක් හැදුවේ.

දැන් තේරෙනවනේ අර ආණ්ඩුව බලයට ගේන්න, මේ ආණ්ඩුව බලයට ගේන්න දගලන වහල්ලු අමුතු ඇටේ අමුතු මිනිස්සු කොටස, 


දැන්වත් උබලට තේරෙනවද කවුද දිනුම් කියලා..

උබලා කොච්චර වහල්කම් කරත් උන් හැමදාම දිනුම් බන්.. රටේ මහජනතාව, චන්ද දායකයො වසර 70ක් පුරාවටම පරාදයි බන්... ඒ විතරක්ද මුලු රටම පරාදයි..


නිසි දේශපාලන දර්ශනයක්, නිසි නායකත්වයක් මේ රටට එනකන් මේ රටත් පරාදයි.. අපිත් පරාදයි...


මේ චායාරූපය කියවගන්න ටිකක් උත්සහ කරමු. එතකොට තේරෙයි මේ හිනාවෙන්නේ කාටද කියලා....

ළමයෙක්‍ට ඉස්කෝලයක් ඇතුලේ කලාව සාහිත්‍ය රසවිදින්න පුලුවන් වෙන දවසක් එන්නෙ කවදද?

 උබලට මතකද ඉස්කෝලේ O/L කරන කාලේ ටීචර්ලා කියපු වචනයක් ' මේ ටික කාලේ මහන්සි වුනොත් ඉතුරු ජීවිතකාලේ සැපේ ඉන්න පුලුවන් ' මේ වගේ වචන කිහිපයක්, උබලට මතකද මේ වචනම A/L වලත් ඇහුනා. උබලා අපි දැන් සැපේ ඉන්නවද? ඉගෙනගෙන ඉවරද? නිදහස් අධ්‍යාපනයට පින් සිද්දවෙන්න, 

ආ.. තව නියම වචනයක් තියනවා, මතකද? ඒ වචනෙනම් කිව්වේ ඉස්කෝලේ 8,9 පංතිවලදී,  

' උබලා ඉගෙන ගත්තේ නැත්නම් උබලට වෙන්නේ කුඹුරු කොටන්න'  දැන් හොදයි නේ...


තව මතකද ඉස්කෝලේ විනය කමිටුවෙන් උදේ ගේට්ටුව ලග ඉදලා කොල්ලන්ගේ කෙල්ලන්ගේ විනය  බැලුවා, කොහොමද? කොණ්ඩෙන්, රැවුලෙන්, කලිසමෙන්, ගවුමෙන් . මෙතන අවුල තේරෙනවද. අපේ විනය බලලා තියෙන්නේ පොඩි කාලේ ඉදන පිටතින්. අපේ ඇතුලත විනය හදන්න කාටවත් ඕනි වෙලා නැද්ද කොහෙද? මේ ක්‍රමය මම මේක ටයිප් කරන, උබලා මේක කියවන මේ වෙලාව වෙනකොටත් මෙහෙමමයි. 


මේ දේවල් වෙනස් වෙන්නේ කවදද? ළමයෙක් කැමති විෂයක් ඉගෙන ගන්න පුලුවන් වෙන දවසක් එන්නේ කවදද? 

ළමයෙක්‍ට ඉස්කෝලයක් ඇතුලේ කලාව සාහිත්‍ය රසවිදින්න පුලුවන් වෙන දවසක් එන්නෙ කවදද? 

මගේ පෞද්ගලික මතය හරිද වැරදිද දන් නෑ, අවුරුදු 21ක මට මගේ අත්දැකීම්වලින් මම තේරුම් ගත්ත දෙයක්, කලාව සාහිත්‍ය නැති තැනක රසවින්දනයක් විනයක් ඇති මනුස්සයෙක් බිහි වෙන්නෙ නෑ..



Monday, 10 January 2022

අපි වෙනස් විදියට හිතන්න පටන් ගමු.

 මම දකින විදියට, අපි වෙනස් වෙන්න ඕනී කොතනින්ද?...........................................

 ඉස්කෝලවල මැත්ස් සයන්ස් කරන උන් දැක්කම ඒක පේනව  (පෞද්ගලික තරහකට නෙවෙයි, උදාහරණයකට ගත්තේ)  කුප්ප වැඩ කර කර හෝ පොතේම ජීවත් වෙනව.එලියට බැහැල වෙනස් දෙයක් බලන්නෙ නෑ...උනුත් ආසයි වෙනස් දේවල් කරන්න, වෙනස් විදියට හිතන්න, ඒත් මේ තරගකාරී අධ්‍යාපන රටාව ඇතුලෙ උන් අශ්වයො වෙලා, වෙනස් විදිහකට හිතන්නෙ නෑ.....ගුරුවරු බලකරන්නෙ A3 ගැන...ඒත් ජීවත් වෙන්න A3 ඕනි කියමු.ඒත් සතුටින් ඉන්න කලාව ඕනි...ඇයි මෙහෙම ලිමිට් කරන්නෙ?

ගුරුවරු කියන්නෙ කලාව,භාහිර වැඩ A3 අරන් රස්සාවක් කරල සල්ලි හොයාගෙන කරන්න කියල.අම්මලගෙත් මතය ඕක.ඇයි ඕක වෙනස් කරන්න බැරි?ඇයි නිදහසේ හිතන්න බැරි????


රටකට කෙලවෙන තැන,මිනිසුන්ගේ සිතේ කලාව නැති තැන විය හැකියි...



( හිතන්න....)

අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව