Wednesday, 29 January 2025

ප්‍රේමණීය සිද්ධීන්..


අද උදේම මට ලස්සන වචන කිහිපයක් ඇහුනා, ටික වෙලාවක් ඒ ගැන කල්පනා කරන්න තරම් මම පෙලබුනා, මොකද ඒ වචන ටික  ඒ තරම්ම දරුණු වචන කිහිපයක්. මේ කතාව මට ඇහුනේ බස් එකේ දාලා තිබුන රේඩියෝ එකෙන්, ඒ වචන ටික මෙහෙම කියන්නම්කෝ

"ප්‍රේමය එක් අයෙකුට සිදිදියක් පමණයි, අනිත් කෙනාට තමන්ගේ ජීවිතේම ප්‍රේමය පමණයි"

පොඩි වචන ටිකක්, හිතන්න වෙනම පරාසයක් ඉතුරු කල වචන කිහිපයක්. ප්‍රේමය ගැන අපි අද ඉදන්වත් වෙනස් විදියට හිතමු.
ප්‍රේමය කියන කාරනය ඇතුලේ අපි අනෙක් කෙනාව මුල් කරගෙන, එයා ගැනම හිතනවනම්, ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම එතනම තියනවා.

හිතමු......

Saturday, 11 January 2025

අමාරූ

 

සමහර දවස් අපිට බර වැඩී
ඒ දවස් අපි ගෙවන්නේ හරිම ආමාරුවෙන්
ඒත් ඒ හැමදේම අස්සේ 
අපිට ලගින්ම ඉන්න අය අපිට මග හැරෙනවා
අපිටත් නොදැනිම
අපි අමාරුවෙන් ගෙවන දවස්
ටිකෙන් ටික ඈත් වුනාම
අපිටම තේරෙනවා, අපි ඉදලා තියෙන්නේ මොන තරම් පහළකට වැටිලද කියලා

ඒ දවස්, හරිම අමාරු දවස්, කාටවත් නොකියා, හිතේ බර තද කරගෙන හිටපු, වචනයෙන් කියන්න බැරි, හරිම අමාරු දවස්




අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව