Monday, 13 June 2022

රට අවුල්


රට අවුල්, රටට පට්ටටම කෙල වෙලා කියලා මට දැනුනෙ සතොසට ගිය වෙලාවේ.. 

පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් වගේ තමයි හාල් පෝලිමත්, 

සතොසට හාල් ආපූ ආරංචියට, අඩුවට හාල් කිලෝ පහක් ගන්න කියලා හිතාගෙන සතොසට ගියා.. පෝලිම, පෝලිමේ හිටියා , වෙන මොනවා කරන්නද? දැන් හැමදේටම පෝලිම් නේ, හාල් පෝලිමත් නිකන් පෙට්‍රල් පෝලිම වගේ තමයි, මට වුනේ මේ දවස්වල කිසිම මනුස්සෙකුට වෙන්න ඕනෙ නැති සිදුවීමක්, පෝලිමේ මට තව දෙන්නෙක් ඉස්සරහින්, හාල් ඉවර වුනා කියහන්කෝ, අඩුවට හාල් ගන්න හීනේ සුන්, 

මට එවේලේ මෙහෙම දෙයක් හිතුනා, රටට කොච්චර කෙල වෙලාද කියලා, මොකද ඉස්සර, අවුරුද්දකට කලින් කියමුකෝ, අපි දන්නවද අපේ රටට තෙල් නැවු ආවා කියලා, ගෑස් නැවු ආවා කියලා, ඒවා ප්‍රවෘත්තිවලට පෙන්නුවද? පෙට්‍රල් නැවු ගෑස් නැවු ආවා.. අපිට ඒක ගානක් නෑ, දැන් අපි නැවු එනකන් බලන් ඉන්නවා..

අපිට, අපේ රටට වෙච්චි දෙයක්, එදා වේලා හම්බකරන් කාපු පවුලක් වගේ තමයි අපේ රට, අවුරුදු හැත්තෑවක් කල් ගෙව්වේ..මේවා අපේ මිලියන විස්සෙත් වැරදි, 


මිනිස්සු විදින දුක දැක්කහම දුකත් හිතෙනවා, මොනවා කරන්නද, අපිත් ඒ දුකේමයි...




Sunday, 12 June 2022

නිදහස


වෙනදා වගේම අද තවත් දවසක්... කම්මැලි නැති ගැම්මෙන් වැඩ කරන්න හිතාගෙන ඉන්න දවසක්, ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නැති දවසක් වෙයි. මොකද මගේ උණ තියන තව දෙන්නෙක් මට හමුවුනා. ඒ දවස ඒ හෝරා කිහිපය, කියලා වැඩක් නෑ. 

අපි ආසම කරන විෂය ගැන දවස පුරාවටම ඉගෙන ගෙන ඒ ගැන එකතු වෙලා කතා කරනවා කියන්නේ, ඒකත් නිදහසේ ඉන්න පුලුවන් හොදම තැන ඉදලා, ඒකත් ජීවිතයට මාරම වටින අත්දැකීමක්, 

නිදහස් චතුරස්‍රයේ හවසට නිදහසේ බිම වාඩි වෙලා තමන් කැමතිම විෂය ගැන කතාවක් දානවා කියන්නෙ, ම්ම්.... මාරම අත්දැකීමක්, අපි මේ නිදහස් චතුරස්‍රය ඇතුලෙ ඉදන් පටන් ගන්න හදන වැඩේ ලගදිම බ්ලොග් එකකින් ඔයාලට කියන්නම්, අපේ විෂය ඒ ගැනත් කියන්නම්,






අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව