Friday, 7 October 2022

ජිවිතේ විදින්න

 ජීවිතය විදින්න, යාලුවො එක්ක සතුටින් ඉන්න, ජීවිතය කියන්නෙ විදින්න ඕනි දෙයක් මිස විදවන්න ඕනි දෙයක් නෙවෙයි,


එහෙමද, ඇත්තටම... 

ජිවිතේ විදින්න පුලුවන්ද හැමදාම, යාලුවො එක්ක සතුටින් එක්ක ඉන්න පුලුවන්ද හැමදාම, යාලුවො කියන්නෙ අපිට ජීවිතේ හමුවෙන තාවකාලික බැදීම් කිහිපයක්. ඒවා යම්කිසි කාලයකදී අපිත් එක්ක එකට ඉදලා වෙන්වෙලා යනවා, අපිට නැවත ඒ බැදීම අවුරුද්දකින් දෙකකින් හමුවෙන්න පුලුවන්, අවුරුදු දහයකින් පහලවකින් හමුවෙන්න පුලුවන්, සමහර වෙලාවට ජීවිත කාලයටම හමු නොවී තියෙන්නත් පුලුවන්, මේ අතරෙ අතේ ඇගිලි ගානටත් අඩු කීප දෙනෙක් අපි අතරෙ නතර වෙනවා.. එයාල අපි එක්ක නිතරම ඉන්නවා, ජීවිත කාලෙම වෙන්නත් පුලුවන්.


වෙනසකට එක්ක මෙහෙම කරන්නකො, ඔයාගෙ මොබයිල් ෆෝන් එක ඔයා යම්කිසි කාලයකට භාවිතය අදු කරන්න, ඔයාට තේරුම් යයි ඔයා ගැන හොයල බලන පිරිස, අතේ ඇගිලි ගානටත් අඩුයි. පසු තැවෙන්න එපා. එයාලට ඔයා ගැන හොයල බලන්න වෙලාවක් නැති වෙන්න පුලුවන්, ඒ ගැන හිතන්න එපා. ඒත් මේ දේ කරලා බලන්න..


ටික දවසකට හරි මොබයිල් ෆෝන් එකෙන් ඈත් වෙලා නිදහසේ ජීවිතේ විදින්න.. එතකොට ජීවිතය ගැන දෙයක් තේරුම් යයි.. ඔයා කවුද කියලා, ඔයාට කරන්න පුලුවන් මොනවද කියලා, ඒ දේ තේරුම් ගන්න...



අරලිය මල

නිදහසේ වැටෙන අරලිය මල් බිමට වැටෙන වග දැන බලාපොරොත්තුවෙන් සිටින තණ පිඩලි ඔවුන්ව පිලිගන්න අපූරුව