ජුලි 9 රටම කොළඹට,
රට වෙනුවෙන් කොළඹට එකතුවුනු අපේ අරගලය, තරුණ තරුණියො විශාල ලෙස එකතු වුනා, අපි ගෝථව එලෙව්වා, අරලියගහ මන්දිරය , ජනාධිපති මන්දිරය , ජනාධිපති ලේකම් කාර්‍යාලය අපේ යටතට ගත්තා... හැබැයි අපේ උන් ඒ කිසිම දෙයක් විනාශ කරන්න එපා කිව්වා, අපේ උනුත් පිලිගන්න ඇති, කියන දේ අහන්න ඇති, ජනාධිපති මන්දිරේ බෝඩ් පවා ගහලා තිබුනා ' මේවා අපේ බදු සල්ලිවලින් හදපුවා, විනාශ කරන්න එපා ' කියලා, අපේ උන් ඒ දේවල් අහන්න ඇතිද?
මේ පහල තියන ෆොටෝ බලපුවහම ඒක තේරෙනවා, අපේ උන්ගෙ තාම විනය, ශික්ෂනය හැදිලා නෑ, මෙහෙම අරගල කරලා වැඩක් නෑ, රටට මොන නායකයා ගෙනාවත් මිනිස්සුන්ගේ විනය හැදෙන්න ඕනේ,
මම දැක්කා උදේ ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉස්සරහ කොල්ලො වගයක් විසිකරලා දාපු බෝතල් ඇහිදිනවා, ඇයි ඒ බෝතල් ඇහිදින්නේ, නිකමට හිතුවද ඒ අපේ උන්ම බිම දාපු බෝතල් කියලා, බෝතල් ඇහිදින එක අපේ උන් ෆේස්බුක් දානවා, දැන් අපි හැදිලා කියලා, අපි හැදිලානම් ඇයි බිම බෝතල් , කවුද විසිකරේ, අපිම තමයි, ඒක ආඩම්බර වෙන්න කාරනයක්ද, අපි තාම හැදිලා නෑ බන්, රටට ඇත්තටම ආදරේ නම් ඒ බිම දාපු බෝතල් බිම නොදා තමන් ගෙනාපු බෑග් එකට, සාක්කුවට දාගෙන නිසි අයුරින් බැහැර කරන්න තිබුනනෙ, නෑ අපේ උන් එහෙම නෑ, හැදෙන් නෑ, මෙහෙම අරගල කරලා මොන නායකයා ආවත් රට ගොඩගන්න පුලුවන්ද,
මේක මගේ පෞද්ගලික මතය, මම ස්වාධීනයි, ඔයාලම හිතන්න, මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක්, අපි නොදන්නෙ කවුදෝ කණ්ඩායමක්, කවුදෝ පුද්ගලයයෙක් ඉතාමත් සීරුවට අපිව ගේම් එකකට ඇදගෙන යනවා කියලා මට හිතෙන්නෙ,
රටේ මීලග නායකයා කවුද? ඔබ තීරණය කරන්න, 225න් කෙනෙක්ද, විපක්ෂයේ කෙනෙක්ද? අලුත් මුහුණක්ද?
අපිට තැනක වැරදුනා වගේ මම හිතන්නෙ, රටේ නායකයා පන්නා දැමූ පසු මීලගට නායකයා කවුද? අරගලයේ කෙනෙක්ද? අරගලය කරන්න කලින් විකල්පයක් සොයා ගත්තානම් මීට වඩා අපට ලේසි වන්නට තිබුනා..